මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

    ජනවාරි 02, 2023

    ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර ලබා දීම වෙනුවෙන් ඊට අදාළව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රියදුරන් 75 දෙනකුගෙන් යුතු නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
    නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් තිබුණු අතරම පසුගිය කාලයේ දී ඒ සම්බන්ධව ඉල්ලීම් යොමුව තිබුණු අතර, ඊට විසඳුමක් වශයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් හා කරන ලද සාකච්ඡාවලින් අනතුරුව පසුගිය වසරේ දී ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.

    ඒ අනුව, රියදුරන් 75 දෙනකුට මෙම රියදුරු පුහුණු බලපත්‍රය ලබා දී එම කාර්යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධීක්ෂණය කළ බව ද ඒ මහතා පැවසීය.

    එළඹෙන මාර්තු මාසයෙන් පසු ව මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya