මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ පැවරීමේ MTA 6 පෝරමය පිටු 12 දක්වා අඩු කෙරේ

    ජනවාරි 02, 2023

    මෝටර් රථ පැවරීමේ MTA 6 පෝරමයේ වෙනසක් සිදු කෙරෙන බවත්, ඒ අනුව පිටු 24 කින් සමනන්විත වූ මෙම පෝරමය පිටු 12 කින් සමන්විත වන බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    එමඟින් අඩුවියදම් සහිතව මොටරථ පැවරීම අඩු වියදම් සහිතව පැවරිය හැකි බව පැවසූ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව, ඊයේ (02) දිනයේ සිට මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම සඳහන් කළේය.

    වාහනයක අයිතිය පැවරීමේ දී වඩාත් නීත්‍යානුකුලව පැවරීම සඳහා වන මෙම නව MTA 6 පෝරමය මඟින් පෙර පරිදි පිටු 24 ක් සම්පූර්ණ කිරීම හෝ සමාදාන විනිශ්චයකාර වරයෙකුගේ සහතිකයක් ද අවශ්‍ය නොවන බවත්, එමඟින් මෝටර්රථ පැවරුම්කරුවන්ට වඩාත් පහසුවක් ලැබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya