මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යාංශය නව වසරේ රාජකාරි අරඹයි

    ජනවාරි 02, 2023

    2023 වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය අද (02) පෙරවරුවේ එම අමාත්‍යංශ පරිශ්‍රයේදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    ලේකම්වරයා විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ නිලධාරීන් රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැපකළ සියලුදෙනා සිහිකිරීම වෙනුවෙන් විනාඩි 02ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමද සිදු කෙරිණි.

    රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන් සහභාගී විය.

    උත්සවයේ වැඩ කටයුතු නිම වීමේන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා ,ලේකම්වරයා, අමාත්‍යංශ නිලධාරීන් සමග සුහඳ හමුවකට එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya