මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව වසරේ රාජකරි අරඹයි

    ජනවාරි 02, 2023

     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ රාජකාරී අද (02) පෙරවරුවේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ආරම්භ කළේ ය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලය රැස් වූ අතර එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදි.

    ඉන් අනතුරුව නිලධාරීන් ඇමතු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා, නව වසර අභියෝග ජය ගැනීමටත්, සතුටින්,සහයෝගයෙන්,කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකිවන වන නව වසරක් වේවා යැයි සියලු කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කළේය.

    කුමන ආකාරයේ මත දැරුවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලෙස රජයේ ගමන් මඟට අවතීර්ණ වී රජයේ අභිප්‍රායට අනුව කටයුතු කළ සියලු නිලධාරින්ට ස්තූතිවන්ත වන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා , රටේ නායකත්වයටත්,රජයටත් අත්‍යවශ ආයතනයක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පත් කිරීමට මේ වන විටත් කටයුතු සිදු කර ඇති බවද පැවසීය.

    මෙම වසර සිනාමුසු මුහුණින් එක මවකගේ දරුවන් ලෙස එකට එකතු වී වැඩ කිරීමට හැකියාව ලැබෙන නව වසරක් වේවා යැයි පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරයා , පසුගිය වසරේ දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියෙකුම රාජකාරි කටයුතු කිරීමේදී තමන්ට උපරිම සහයෝගක් ලබා දුන් බවද කීය.

    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන් සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya