මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ මූලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට සෑම දෙනාම බැඳී සිටිනවා- ජනාධිපති

    ජනවාරි 02, 2023

    රටේ මූලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට සෑම දෙනාම බැඳීසිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අද (2) ජනාධිපති ලේකම් කාර්යාලයේ 2023 නව වසරේ රාජකාරී ආරම්භ කරන මොහොතට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, රාජ්‍ය සේවයේ කඹ ඇඳිල්ල සහ තරගකාරීත්වයක් නොමැතිව තමන්ගේ වගකීම සීමා නොකරගනිමි කටයුතු කළ යුතු බවයි. රාජ්‍ය සේවකයන් තමන්ගේ වැඩ පැය 8කට සීමා කර නොගනිමින් සහ තමන්ගේ කාර්යාල වේලාව සතියේ දින 5ට සීමා කර නොගනිමින් කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    සියලු දෙනා එක්ව කැපවීමෙන් කටයුතු කර 2023 වසර අවසානයේ සාමාන්‍ය වසරක් බවට පත් කර ගැනීමට කටයුතු කරමු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

     ජනාධිපති ලේකම්කාර්යාලයට සමගාමීව රාජ්‍ය ආයතනවල 2023 වසරේ රාජකාරී ආරම්භ කිරීම අද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya