මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වලට මත් ද්‍රව්‍යය ගෙන ඒම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද සිට

    ජනවාරි 02, 2023

    පාසල්වලට මත් ද්‍රව්‍යය ගෙන ඒම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද 02 සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    ගම ද නගරය ද කියා භේදයක් නොමැතිව සෑම පළාතක්ම ආවරණය කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහාන් කළේය.

    පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පැමිණීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    මේ සඳහා අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත්කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya