මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදා වූ 2023 නව වසරට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උණුසුම් සුබ පැතුම්..!

    ජනවාරි 01, 2023

    රාජ්‍ය නිල සන්නිවේදනයට අදාළ ජාතික වගකීම ඉටු කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා එතෙක් මෙතෙක් සහෝදරත්වයෙන් කටයුතු කරන සියලු අමාත්‍යාංශ හා සෙසු ආයතනවලටත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි සැමටත් සියලු ජනතාවටත් ලැබූ 2023 නව වසර වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උණුසුම් ශුභාශිංසන පළ කරමි.


    මෙතෙක් නොවූ විරූ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ වුවද, ගෙවුණු 2022 වර්ෂය පුරා ශ්‍රී ලාංකේය ජනතාව වෙත, රාජ්‍ය නිල තොරතුරු හා පුවත් ප්‍රශස්ත ලෙස සන්නිවේදනය කිරීමට ඔබ සැම ලබාදුන් සහයෝගය හා කැපවීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මම මහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි.

    අද වන විට ආර්ථික, සාමාජයීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක හා සංවේදී කාල සීමාවක් පසු කරන ලාංකේය ජන සමාජය ධනාත්මක ඉදිරි ගමනක් කරා මෙහෙයවීමට මාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්‍රය නියෝජනය කරන අප සැමට සුවිශාල වගකීමක් පැවරී ඇති බව මාගේ විශ්වාසයයි.

    එම සුවිශේෂී කාර්යය භාරය වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම රජයේ නිල තොරතුරු සන්නිවේදනය කිරීමේ ප්‍රමුඛතම ආතයනය වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගය ඔබ වෙත පිරිනැමීමට කටයුතු කරන බවද සතුටින් දන්වනු කැමැත්තෙමි. ඔබ සැමට සෞභාග්‍යය හා වාසනාව සපිරි සුබ නව වසරක් වේවා!

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya