මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැනඩාව සමඟ මත්ස්‍ය අපනයනය සඳහා ව්‍යාපෘතියක්- ධීවර රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 31, 2022

    මත්ස්‍ය අපනයන සම්බන්ධයෙන් විදේශීය වෙළඳපොල ග්‍රහණයට නතු කරගැනීම සම්බන්ධයෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, මේ වන විට කැනඩාව සමඟ මත්ස්‍ය අපනයනය සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, ලබන වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනු ඇති බවත්, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.


    මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් “ආහාර සුරක්ෂිතතාව හා පසු අස්වනු හානිය අවම කිරීම” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර මත්ස්‍ය වෙළඳපොලක් මෙරට ඇතිකිරීම සම්බන්ධයෙන් රජයේ නිල වෙබ් අඩවිය (news.lk) කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස කැනඩාව තුළ දියත් කර ඉන් අනතුරුව යුරෝපය හා අනෙකුත් විදෙස් රටවල් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, මේ වන විට ඒ සම්බන්ධයෙන් පසුබිම සකස්කිරීම හා මෙරට මත්ස්‍ය නිෂ්පාදන ගුණාත්මක බවින් වැඩිකිරීමට කටයුතු කරන බවත්ය.

    මත්ස්‍ය අතුරුබහන් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන්ද රජයේ නිල වෙබ් අඩවිය විසින් ප්‍රශ්ණ කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ එම අතුරුබහන් කිසිවක් අපතේ නොයවන බවත්, ඒවා විදෙස් රටවලට අපනයනය කරන බවත්ය. මත්ස්‍ය කොටස් යොදාගෙන මෙරට සිදුකෙරෙන මත්ස්‍ය තෙල් සහ අනෙකුත් අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන සඳහා ද මෙම අතුරබහන් කොටස් යොදාගන්නා බවත්, මිනිස් පරිභෝජනයට යොදා නොගත හැකි කොටස් කොම්පෝස්ට් හා සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදාගන්නා බවත්, කහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya