මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් 08ක පුරන් කුඹුරු අක්කර 14,000ක් ලබන වසරේ වගා කෙරේ

    දෙසැම්බර් 30, 2022

     

    දිස්ත්‍රික් 08ක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 වර්ෂයේදී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල මන්නාරම, පුත්තලම , බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල වසර 05ක් තුළ වගා නොකළ කුඹුරුඅක්කර 2774ක් හා ඉතිරි දිස්ත්‍රික්කවලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණයකර ඇත.

    මෙම පුරන් කුඹුරු සියල්ල වගා කිරීම සඳහා රජය රුපියල් මිලියන 550ක මුදලක් ලබා දී තිබේ.ඉදිරි වසරේදී මෙම දිස්ත්‍රික්ක 08 පුරන් කුඹුරු නොමැති දිස්ත්‍රික්ක බවට පත් කිරීම අරමුණ වේ.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින පුරන් කුඹුරු ශුන්‍ය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, කිළිනොච්චිය, හම්බන්තොට, අම්පාර ,මුලතිව්, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු සියල්ලම ශුන්‍ය තත්ත්වයට පත්කර ඇත.

    මෙම පුරන් කුඹුරු රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගැනීමට පෙර අයිතිකරුවන්ට මාස 06ක කාලයක් ලබා දෙන ලෙසත්, එම කාලය තුළ ඔවුන් වගාකිරීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු ඉඩම් තාවකාලිකව වසර 05ක් සඳහා රජයට පවරා ගෙන වගා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්දඅමරවීර මහතා පැවසීය.

    මෙම කටයුතු සදහා ගොවිජන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

    මෙතෙක් පුරන් කුඹුරු ශුන්‍ය කරන ලද දිස්ත්‍රික්ක 08ට අමතරව ඉතිරි දිස්ත්‍රික්ක 17 තුළ තවදුරටත් පුරන් කුඹුරු අක්කර 47,471ක් පවතී. මෙම සියලුමපුරන් කුඹුරු අයිතිකරුවන් වගා නොකරන්නේ නම් ඒවා රජයට පවරා ගැනීමෙන් අනතුරුව වගා කිරීමට ඉඩම් නොමැති තරුණ පිරිස්වලට වසර 05ක් යනතෙක් වගා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන්නේය.

    මෙම එක් කුඹුරු අක්කරයකින් වී බුසල් 60ක අස්වැන්නක් ලැබිය හැකි අතර වී බුසල් 840,000ක් අපේක්ෂා කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස්ජනරාල්වරයා අවධාරණය කළේය.

    මෙරට පුරන් කුඹුරුවලින් ශුන්‍ය රටක් බවට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ එම කුඹුරු රජයට පවරාගෙන වගා කිරීමට ඉඩම් නොමැතිතරුණ ප්‍රජාවට ලබා දෙන බවත්, ඔවුන්ට වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම මුල්‍ය පහසුකම් ද ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන්කළේය.

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya