මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක නීතිය බලාත්මක වීම සදහා සමාජයේ නීති පද්ධතිය නිසි ආකාරව නියාමනය විය යුතුයි- මහාචාර්ය ටියුඩර් වීරසිංහ

    දෙසැම්බර් 29, 2022

    රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වය හා නෛතික විඥානයේ ගුණාත්මක වර්ධනය ජනතාව අතරට ගෙන යෑමේ බලය ජනමාධ්‍ය සතු බවත් මාධ්‍යයට මේ සම්බන්ධයෙන් කාර්යභාරයක් තිබෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය.

    මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා මේ බව පැවසුවේ, නීතියේ ආධිපත්‍ය සවිබල ගැනිවීමෙහිලා අධිකරණ අමාත්‍යංශය මගින් පසුගිය කාල කාලපරිච්ඡේදයේ ගෙන එනු ලැබූ නීති සංශෝධන සහ එහි සමාජ බලපෑම යන මැයින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති විද්වත් මාධ්‍ය කතිකාවට අදහස් දක්වමිනි.

    වැඩි දුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා, රටක නීතිය බලාත්මක වීම සදහා සමාජයේ නීති පද්ධතිය නිසි ආකාරව නියාමනය විය යුතු බව කීය.

    මාධ්‍ය විසින් නෛතික රාමුව පිළිබදව ජනතාව දැනුවත් කළ යුත්තේ දේශපාලඥයින් ,වෙනත් විද්වතුන්, සමාජය දකින ආකාරයට නොව ස්වාධීන වෙනස් ආකාරකින් බව කී, මහාචාර්යවරයා, මාධ්‍ය කිසිදු ආකාරකින් පක්ෂපාති නොවිය යුතු බවද පැවසීය.

    අතීතයේ සිට අඩුවැඩි වශයෙන් මිනිසාගේ චර්යාවන් නියාමනය කිරීම සදහා නීති භාවිතා කොට ඇති බව කී මහාචාර්යවරයා , සමාජ නියාමනයන් ක්‍රියාත්මක වීමේ දීයම්කිසි ධූරාවලියක් ක්‍රියාත්මක වන බවත් ධූරාවලියේ ඉහළ සිටින පිරිස පහළ සිටින පිරිසට වඩා නීතිය උල්ලංඝණය කරන බවත් ඔවුන් එම නීති පද්ධතිය තමන්ගේ වාසි ප්‍රයෝජනයට ගන්නා බවත් එය වැළැක්වීමට නම් ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍ය බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya