මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් ගමනේදී සම්පූර්ණ කළ යුතු පැමිණීමේ හා පිටවීමේ කඩ්පත මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවස්ථාවක්

    දෙසැම්බර් 29, 2022

    2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and Departure Card) මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසේ.


    ඒ අනුව ගුවන් මගීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිස හෝ https://eservices.immigration.gov.lk/emb/eEmbarkation වෙබ් පිටුව ඔස්සේ තමා ගුවන් ගතවීමට නියමිත දිනට දින තුනකට පෙර සිට මෙම කාඩ්පත පිරවීමට පහසුකම් සපයා ඇත.

    ගුවන්තොටුපලේදී ඇතිවන අපහසුතාවයන් මඟහරවා ගෙන ආගමන හෝ විගමන කටයුතු පහසුවෙන් සිදුකිරීමට මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya