මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර ආධුනික නියාමක පුහුණුව නිමකළ නිලධාරීන් 191ක් විසිර යයි

    දෙසැම්බර් 29, 2022

    බන්ධනාගාර ආධුනික නියාමක පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරන ලද, 103 c ආධුනික නියාමක පුහුණු පාඨමාලාවේ නිලධාරීන් හා නිලධාරීනියන් විසිරයාමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පෙරවරුවේ ( 28) අගුණකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

     පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකළ නිලධාරීන් 191 දෙනෙකු මෙහිදී විසිර යාම සිදු වු අතර පිරිමි නිලධාරීන් 171 දෙනෙකු හා කාන්තා නිලාධාරිනියන් 19 දෙනෙකු ඒ් අතර වෙයි. පුරා මාස තුනක පුහුණු කාලයක් අවසන් කිරීමෙන් පසුව විනයගරුක ආචාරශීලී දක්ෂ නිලධාරීන් හා නිලධාරීනියන් ලෙස ඔවුන්ගේ විසිර යාම සිදු වු අතර, පුහුණු පාඨමාලාව හැදෑරීමේදී දක්ෂතා පෙන්නුම් කළ නිලධාරීන්ට හා නිලධාරීනියන් වෙත සම්මාන ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මත් උවදුර මර්දනය කිරීම සදහා මහ ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් දඬුවම යන සංකල්පය වෙනුවට පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදය සඳහා බන්ධනාගාර පද්ධතිය යොමු කරලීම තම අරමුණ බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

     

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව යනු රටක යහ පැවැත්ම සදහා අත්‍යාවශ්‍යම දෙපාර්තමේන්තුවක් වන බැවින් මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේදී සිදු කරනු ලබන සේවය විශිෂ්ට බැවින් තම දක්ෂතා හා හැකියාවන් තුළින් රාජ්‍ය සේවයට එක් වු නව බන්ධනාගාර නියාමක නිලධාරීන් හා නිලධාරීනියන් ගෞරවණිය සේවයක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු බව බව පැවසීය.

     

    බන්ධනාගාර ගත කරනු ලබන කිසියම් තැනැත්තෙකු කරන ලද වරද හෝ ඔහු ලැබු දඩුවම කුමක් වුව ද ඔවුන් හොදින් රැක බලා ගැනීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීම වන බවත්, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ යූතු වන්නේ සියලු රැදවියන්ට එක හා සමාන ලෙස සලකමින් ඔවුන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට මුදා හැරීම බවත්, සදහන් කළේය.
    සාම්ප්‍රදායික බන්ධනාගාර ක්‍රියාවලිය වෙනස් කරමින් 1934 න් පසුව බන්ධනාගාර රෙගුලාසි අණ පනත් වෙනස් කරමින් නව ක්‍රමවේදයක් හදුන්වාදීමට පියවර ගෙන ඇති අතර, දඩුවම යන සංකල්පය ඉවත් කරමින් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදය සදහා බන්ධනාගාර පද්ධතිය යොමු කරලීම අරමුණු කර ගනිමින් නව පුනරුත්ථාපන කාර්යාංශ පනතක් ඉදිරි මාස කිහිපය තුළ හදුන්වා දෙන බව ද පවසන ලදී.

    මේ වන විට ශ්‍රී ලංකාව පුරා පැතිර ඇති අයිස් ඇතුළු මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා රජය විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, මත් ද්‍රව්‍ය සදහා අහිංසක දුගී දුප්පත් තරුණ තරුණියන් යොමු කරවනු ලබන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කළ යුතු බවත්, ඒ් වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇති අතර , මත් උවදුර මර්දනය කිරීම සදහා මහ ජනතාවගෙන් ලැබෙන සහයෝගය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    නවක නිලධාරීන්ගේ හා නිලධාරීනියන්ගේ සම්මාන ආචාර පෙළපාලියක් හා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික සංදර්ශනයකින් උත්සවය වර්ණවත් කෙරිණි.

    අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒ්කනායක යන මහත්ම මහත්මීන් ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර අධිකාරිවරුන්, බන්ධනාගාර නිලධාරීන් හා ආධුනික නියාමක නිලධාරීන්ගේ දෙමාපියන්, ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya