මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අවසන් කෙටුම්පත සකස් කර අවසන්

    දෙසැම්බර් 29, 2022

    ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අවසන් කෙටුම්පත සකස් කර අවසන් බව එම ප්‍රතිපත්තිය සකස් කිරීමට පත් කළ විද්වත් කමිටුව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ පසුගියදා පැවති සාකච්ඡවකදී මේ පිළිබඳව දැනුම් තිබේ.

    විශේෂයෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට, අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස් නොවන ස්ථිර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සෑම අංශයකමඅදහස් හා යෝජනා ලබා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කමිටුවට උපදෙස් දී තිබුනි. ඒ අනුව සෑම අංශයක්ම නියෝජනය වන පරිදිකෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව විද්වත් කමිටුව ප්‍රකාශ කළේය.

    කෙසේ වුවද මෙම අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව නව කෘෂිකාර්මික පනත ක්‍රියාත්මක කිරීමසඳහා සියලු දෙනා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් වනවා සේම එම ප්‍රතිපත්තියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සැම කෙනෙකුම වගකීමක් බවත් නවකෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබීම සහ සියලු දෙනාගේ අවධානය ජාතික කෘෂිකර්මප්‍රතිපත්තියට ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    අද මෙරට කෘෂිකර්මාන්තය ඛේදනීය ඉරණමකට ලක් වුනේ අපිට ජාතික ප්‍රතිපත්තියක් නොතිබුනු නිසයි. සහලින් ස්වයංපෝෂණය වී තිබු රටක් ප්‍රතිපත්තියක්නොමැතිකම නිසාම ආපස්සට ඇද වැටුනා. මෙම වසරේ මාස 10ක කාලයක් තුළ සහල් ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය කර තිබෙනවා. මෙමතත්ත්වයට නිලධාරිනුත් වගකිව යුතුයි. ලෝකයේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගොස් ඇති ආකාරයට අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගියේ නෑ. ඒ නිසාජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙමවිද්වත් කමිටුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්යබී.වී.ආර් පුන්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, යන ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්යඅජන්ත ද සිල්වා හා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන මහත්වරුන් සහභාගී විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya