මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට තීරණයක්

    දෙසැම්බර් 29, 2022

    “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කරන ලදී.

    ඒ අනුව “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයට 2022 දෙසැම්බර් 28 දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර නොමැත. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින්, “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත 2000 අංක 56 දරන කල්බදු මුල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට තීරණය කර ඇත.

    "බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම" සම්බන්ධයෙන් නිකුත් කල නියෝගවලට අනුකූලව එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී” (එවකට එස්.එම්.බී ලීසිං පීඑල්සී) ආයතනය විසින් "ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී" ආයතනයේ තැන්පතු නැවත ගෙවීම සඳහා දැක්වූ දායකත්වය මත “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයෙහි හිමිකම් නොපෑ තැන්පතු වගකීම් ඊට අනුරූපී වත්කම් සහ අදාළ තැන්පතුකරුවන්ගේ තොරතුරු සමඟ “එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී” ආයතනය වෙත පවරනු ඇත.

    තවද, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය ඔස්සේ එහි පවතින රෙගුලාසීන්ට අනුකූලව එහි රක්ෂණය වී ඇති තැන්පතුකරුවන් විසින් තවමත් ලබා නොගත් රක්ෂණ වන්දි මුදල්, රු. 1,100,000/-ක උපරිමයකට යටත්ව ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇත. “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ තවමත් හිමිකම් ලබානොගත් තැන්පතු වගකීම් “එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී” ආයතනය වෙත පැවරීමෙන් සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය ඔස්සේ ඉතිරි රක්ෂණ වන්දි මුදල් ගෙවීමෙන් පසු, “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ සමස්ත තැන්පතු වගකීම ශුන්‍ය වනු ඇත.

     

    ශ්‍රී ලංකා මහ බැංකුව
    සම්පූර්ණ වාර්තාව- https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/press_20221228_swarnamahal_financial_services_PLC_cancellation_of_the_licence_s.pdf

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya