මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක්

    දෙසැම්බර් 29, 2022

    විදේශ රැකියා වලට යන පුද්ගලයින් නම,වයස,පදිංචිය ආදි තොරතුරු වෙනස් කර හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශ ගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම ( 27 දින) අත්සන් තබන ලදි.

    විදේශ ගතවන පුද්ගලයන් විවිධ හේතු පදනම් කරගෙන තම සත්‍ය තොරතුරු වෙනස් කර ව්‍යාජ උප්පැන්න සහතික ,හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශ ගතවි‍මේ අවස්ථා නිතර දක්නට ලැබේ.මෙලෙස විදේශ ගතවු පුද්ගලයන් ගැටළුවලට මුහුණ දුන් අවස්ථා වාර්තා වී ඇත.


    විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැක සහිත හැදුනුම්පත් සහා විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට ක්‍රමයක් මෙතෙක් කල් නොතිබුණි.සමාන්‍යයෙන් කරනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දි සත්‍ය තොරතුරු තහවුරු කර ගැනීමයි.


    අවබෝධතා ගිවිසුම අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය පරිශීලනය කිරීම සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවසර හිමි වේ.ඒ අනුව සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීමට හැකි වනු ඇත.

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ ,අධ්‍යක්ෂක මණ්ඩල සමාජික ජෙෆ් ගුණවර්ධන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියාණි ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya