මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉන්ධන බලපත්‍රය- සහය වූ යෞවන සමාජ තරුණ තරුණියන් ඇගයේ

    දෙසැම්බර් 29, 2022

    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කළ , ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass ) ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මහජනතාව දැනුවත් කළ සහ ඊට සහය වූ යෞවන සමාජ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයක් අද  (.29 ) පෙ.ව 10.00ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

     

    මෙහිදි දිවයින පුරා විසිරී සිටින මෙම වැඩසටහනට සම්බන්ධ වූ යෞවන සමාජ තරුණ තරුණියන්ගේ සේවාව ඇගයීම වෙනුවෙන් සහතික පත්‍ර ලබාදීම සිදු වේ.

    මෙය ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ,විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සභාපති සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආයතනයේ (ICTA ) සභාපති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya