මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩුබායි සුද්දා අත්අඩංගුවට

    දෙසැම්බර් 28, 2022

    විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීමේ නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝණය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීමට උත්සහකිරීමේ චෝදනාව මත නිස්සංක ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා අද දින (12/28) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


    මෙම පුද්ගලයා විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත වාර්තා වී තිබුණු අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවන ලදී. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

    යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම් සිදුකරන්නේ නම් ඒ සඳහා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබිය යුතු වන අතර, බඳවාගැනීම සඳහා දැන්වීම් පළකරන්නේ නම් ඒ වෙනුවෙන් කාර්යාංශය වෙතින් වෙනමම අවසරයක් ලබාගෙන තිබිය යුතුවේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya