මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසැම්බර් 31 රාජ්‍ය සේවයේ 30,000ක් පමණ විශ්‍රාම යනවා - රාජ්‍ය සේවයේ කඩාවැටීමක් නැහැ - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය 

    දෙසැම්බර් 28, 2022

    2022 දෙසැම්බර් 31 වනදා වන විට රාජ්‍ය සේවයේ සිටින 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන බවද, නමුත් රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව කියා සිටියේ අද (28) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    මෙලෙස දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යන පිරිසෙහි ආරක්ෂක අංශයේ, සංස්ථා වල, මණ්ඩල වල ආදී සෑමආයතනයකම පිරිස් සිටින බව කියා සිටි අමාත්‍යවරයා බොහෝ දෙනා අප රටෙහි රාජ්‍ය සේවය වැඩියි යැයි පවසන බවද රාජ්‍ය සේවය තුළනය කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙමගින් රාජ්‍ය සේවය තුළනය කිරීම මෙන්ම රාජ්‍ය සේවය පිළිබද නැවත ඇගයීමක් සිදුකරන බවද පැවසූ අමාත්‍යවරයා අත්‍යවශ්‍යම කාරණා පවතී නම් මුදල් අමාත්‍යංශයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් මගින් ඒවන් ස්ථාන වලට බදවාගැනීමට බාධාවක් නැතැයිද කියා සිටියේය.

    රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස අවුරුදු 65 කළ පසු විශාල පිරිසක් විශ්‍රාම යන බව සිහිපත් කළ අමාත්‍යවරයා රැකියා ලක්ෂය ලබාගත් අයට ඉහත පුරප්පාඩු සදහා එනම් පළාත් සභා නමයේ 12,669 දෙනෙකු ස්ථිර කිරීමට සහ අනෙකුත් ආයතන වල එම කාණ්ඩයට අයත් අය ලබාදීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

    කාර්යාල කාර්යය සහායක තනතුරෙහි සිටි අය සදහා 209 සහ 2020 වසර වල පැවැත්වූ විභාගයෙන් 1400ක පමණ පිරිසකට ඔවුන්ගේඋසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය. රාජ්‍ය සේවයෙහි කාර්යක්ෂමව කටයුතු කිරීමට ප්‍රළුවන්කමක් පවතින බවද, රාජ්‍ය සේවයෙහි බොහෝ පිරිස් කාර්යක්ෂමව කටයුතු කරන බවද අවධාරණය කළේය.

    මෙලෙස විශ්‍රාම යන 30,000ක පිරිසගේ වැටුපෙන් 85%ක්ම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලෙස ගෙවීමට ආණ්ඩුවට සිදුවන බවද රජයක් හැටියට මෙම අවස්ථාවේ රටේ පවතින බර අඩු කරගැනීමට මෙන්ම ජනතාවට ලබාදිය යුතු සහයෝගය ලබාදීමට සෑම අතකින්ම කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

    අවශ්‍ය කරන කාණ්ඩයන් සඳහා බඳවාගැනීම් සිදුකිරීමටද, යම් යම් ආයතන අවශ්‍යතා ඉදිරිපත් කළ විට ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයත්, කළමනාකරණ දෙපාර්තමේන්තුවත් මැදිහත්වී කටයුතු කරන බවද අවධාරණය කළ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා පළාත් සභා වල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ වන විට කටයුතු කරගෙන යන බවද පැවසුවේය.

    2013න් පසු පළාත් රාජ්‍ය සේවය තුළ ගණනය කිරීමක් සිදු නොකළ රියදුරන් නොමැතිව ප්‍රාදේශීය සභා වල වාහන විශාල සංඛ්‍යාවක් පවතින බවද, ඒ සම්බන්ධයෙන්ද කඩිනමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya