මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ.සෙනෙවිරත්නගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

    නොවැම්බර් 16, 2022

    සමගි ජන බලවේගය සමග සම්බන්ධ වී එම පක්ෂය සමග ක්‍රියා කිරීමට එකඟ වූ බවට සමාජ මාධ්‍යයහි තමා සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා අද(16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    වරප්‍රාසාද ප්‍රශ්නයක් නගමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

    පසුගිය මාර්තු මාසයේ සිට රටේ උද්ගත වූ දේශපාලන සහ ආර්ථික තත්වයන් සහ එවකට රජයේ පැවති අක්‍රිය භාවය නිසා ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවත් තමා මේ වන විටත් විරුද්ධ පක්ෂයේ ස්වාධින මන්ත්‍රීවරයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් රජයේ හොඳ වැඩ වලට සහය දෙමින් කටයුතු කරන බවද කීය.

    2022.නොවැම්බර් 14 දින එවැනි කිසිදු සාකච්ඡාවකට තමා සහභාගී නොවූ බවත් කිසිම පක්ෂයකට සහාය ලබා දීමට මෙතෙක් තීරණය කර නැතැයිද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya