මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කථානායක හමුවෙයි

    නොවැම්බර් 16, 2022

    ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ (Senate Foreign Relations Committee) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පසුගිය (10) දා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    මෙම පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර පසුව කථානායක මහින්ද යාපා මහතා සමග සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සමග සුහද පිළිසඳරක යෙදුණි.

    මෙහිදී ඔවුහු පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය පිළිබඳව කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ. එසේම පාර්ලිමේන්තුවේ පිහිටීම, ඓතිහාසික වටිනාකම සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් මෙම පිරිසට පැහැදිලි කරන ලදි.

    ඉන් අනතුරුව මෙම පිරිස කථානායකවරයා සහ මහ ලේකම්වරයා සමග දිවා භෝජනයටද එක් වූහ.

    එසේම මෙම හමුව සඳහා USAID ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ (ශ්‍රී ලංකා සහ මාලදිවයින්) ගේබ්‍රියල් ෆර්නෑන්ඩෝ ග්‍රේව් මහතා සහ NDI ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා තුසිතා පිළපිටිය මහත්මියද සම්බන්ධ වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya