මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි ලබා ගනිති

    නොවැම්බර් 16, 2022

    තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පසුගියදා ලබාගත්හ.

    අමාත්‍යවරුන් වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර,  නසීර් අහමඩ්,  විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිත අබේගුණවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, එස්.එම.චන්ද්‍රසේන, නාලක බණ්ඩාර කොට්ටෙගොඩ, පවිත්‍රා වන්නිආරච්චි, , නිපුන රණවක,  යන මහත්වරු මෙම පත්වීම් ලිපි ලබාගත්හ.

    මීට පෙර  ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු පිරිසකටද  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි ලබාදුන්නේය. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya