මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනප්‍රිය දේශපාලන තීරණ නොගෙන රටේ දියුණුව ගැන සිතා තීන්දු තීරණ ගතයුතුයි- වරාය හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය  

    නොවැම්බර් 16, 2022

    ජනාධිපතිතුමාගේ හා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ ඉන්දීය එස්සිම් බැංකුවේ ආධාර අනුග්‍රහයන් කඩිනමින් ලබාගනිමින් මෙම වසර අවසානයට පෙර කන්කසන්තුරේයි වරාය නවීකරණය කර එමගින් රටටත් ප්‍රදේශයේ තරුණ තරුණියන්ටත් ප්‍රතිලාභ රැසක් අත්කර දීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (15) යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරෙයි වරාය නීරීක්ෂණය චාරිකාවකට සහභාගී වෙමින් පැවසීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ, කොපමණ අවලාද පැමිණියත්, ජනප්‍රිය දේශපාලන තීරණ නොගෙන රටේ දියුණුව ගැන සිතා තීන්දු තීරණ ගතයුතුයි. රටක් දියුණු කරා යෑමට වැදගත්වන්නේ එවැනි තීරණයි.

    මෙම ප්‍රදේශයේ පිහිටා ඇති සිමෙන්ති කර්මාන්තශාලාව ද නවීකරණය කිරීම මගින් හා කංකසන්තුරේ වරාය සංවර්ධනය වීම තුලින් දූපත් අතර ගමනාගමනය දියුණු කිරීම මගින් මේ පලාතේ සංවර්ධනය උදාකිරීමට වන වගකීම මෙම වරාය සංකීර්ණය නිරීක්ෂණය කිරීමට පැමිණි 09 වැනි අමාත්‍යවරයා වශයෙන් තමන් තමන් භාරගන්නා බවත් ඒ මහතා පැවසීය.

    කලාපීය සමුද්‍රීය කලාපය තුළ, ශ්‍රි ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත්, ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය ඇතිකිරීමත් පෙරදැරි කොටගෙන ලංකාවේ පිහිටි වරායන් අතර ඉමහත් වැදගත් වරායක් වන කංකසන්තුරේ වරාය, වාණිජ වරායක් මට්ටමට දියුණු කිරීමේ කටයුතු අරඹා ඇත.

    ඉන්දියාවේ EXIM බැංකුව මගින් පිරිනමන ලද ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක අරමුදල් යටතේ‍ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.

    මේ සඳහා ණය දීමේ ගිවිසුම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර 2018 ඔක්තෝම්බර් මාසයේදී අත්සන් කර ඇති අතර ඩොලර් ක්‍රෙඩිට් රේඛා ගිවිසුමට 2018 ජනවාරි 10 වැනි දින අත්සන් තබා ඇත. ඉන්දියාවෙන් ඍජුව භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරීමත්, ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය මෙහි තවත් අරමුණක් වන අතර, දේශිය අභන්තර වරායන් අතර භාන්ඩ ප්‍රවාහණ කටයුතු කාර්යක්ෂම කිරීමට ද මෙමගින් බලාපොරොත්තු වේ.

    මෙම සංවර්ධන කටයුතුවලට අදාල පාර්ශවයන් දෙක වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කර ඇති ව්‍යාපෘති කළමනාකරණ උපදේශන කොන්ත්‍රාත්තුවට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු ව්‍යාපෘති කාලය පුරා මාස 39 කි. ඒයටතේ, සැලසුම් කටයුතු මාස නවයක් ද, ඉදිකිරීම් කටයුතු මාස 18 ක් ද, සහ දෝෂ වගකීම් කාලය මාස 12 ද, වේ.

    නව වාණිජ නැංගුරම් පොළක් ඉදිකිරීම, අංක 3 (ප්‍රමාණය 167 m x 22 m), පවතින දියකඩනය (මීටර් 1,400) පුනරුත්ථාපනය කිරීම, දැනට පවතින පියර් අංක 1 (ප්‍රමාණය 96 m x 24 m) පුනරුත්ථාපනය කිරීම, පියර් අංක 2 ඉදි කිරීම (පවත්නා කුළුණ අංක 1 දිගු කිරීම, ප්රමාණය 85 m x 24 m); සහ අවසාන වශයෙන්, නාවික ආධාරක, දියකඩනය මත කොන්ක්‍රීට් මාර්ගයක් වැනි යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම ආදී වශයෙන් මෙම වරායේ ප්‍රධාන සංවර්ධන කටයුතු ප්‍රධාන ක්‍රියාකාරකම් 5 ක් යටතේ සිදුවේ.

    තවද ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) කන්කසන්තුරේ වරායට යාබද ඉඩම් අක්කර 50ක් පවරා ගැනීමට යෝජනා ඉතිදිරිපත් කර ඇති අතර. ඒ සඳහා පොදු ඉඩම් අක්කර 15ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 35ක් පවරා ගැනීමට ද කැබිනට් අනුමැතිය ද හිමි වී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන යටතේ නිශ්චිතව දක්වා ඇති පරිදි වන්දි ගෙවා පෞද්ගලික හිමිකාරීත්වය සතු ඉඩම අත්පත් කර ගනු ලබන බව සදහන් කළ යුතු ය.

     

    --

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya