මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැනඩාවේ නවොත්පාදන තරඟයෙන් ජයගත් චතුර මධුමාල් ක්‍රීඩා ඇමති හමුවෙයි

    නොවැම්බර් 16, 2022

    කැනඩාවේ පැවති i-can 2022 නව නිපැයුම් නවොත්පාදන ජාත්‍යන්තර තර‍ඟයේ දී රටවල් අසූ එකක තරඟකරුවන් හා තරඟ කර එහි රන්පදක්කම ජයග්‍රහණය කළ කන්තලේ අග්බෝපුර පදිංචි චතුර මධුමාල් තරුණයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් පසුගිය දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය.

    ඔහුට ජයග්‍රහණය ගෙන ආ ඔහු විසින් නිපදවන ලද “walking charger” උපකරණය පිළිබඳවත් නවෝත්පාදනය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ඔහු සමග සුහද සාකච්ඡාවක නිරත විය.

    අමාත්‍යවරයා විසින් ඔහු ඉදිරිපත් කරන ලද අදහස් සළකා බැලීමෙන් අනතුරුව ඔහුව ජාතික තරුණ සේවා සභාව හා සම්බන්ධ කරමින් අවශ්‍ය ඉදිරි වැඩකටයුතු සළසා දෙන මෙන් ප්‍රකාශ කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya