මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සුභ සාධනය මෙවර අයවැයෙන් අමතක කර නෑ - රටක් ලෙස නැගී සිටින්නේ කෙසේ ද යන්න පිළිබඳ මෙවර අයවැයෙන් අවධානය යොමු කළා

    නොවැම්බර් 15, 2022

    සමාජ සුභ සාධනය මෙවර අයවැයෙන් අමතක කර නොමැති බවත් මුළු රාජ්‍ය වියදමෙන් බිලියන 852ක් සමාජ සුභදාධනය සඳහා වෙන් කර තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද විවාදය ආරම්භ කරමින්,මෙවර අයවැයෙන් සමාජ සුභසාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති බවයි. ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,මෙම මුදල අධ්‍යාපන , සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සඳහා වෙන් කර මුදලට අමතරව මුළු රාජය්‍ය වියදමෙන් බිලියන 852ක් එනම් සියයට 10.08ක මුදලක් සහණාධාර සඳහා වෙන් කර තිබෙන බවය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය;

    විපක්ෂය චෝදනා කරනවා, මෙවර අයවැයෙන් සමාජ ආරක්ෂණය ගැන කිව්වේ නැහැ කියල, මුදල් අමාත්‍යංශය පසුගිය මාසයේ 20 වන තුරු රජයේ අධාර බලාපොරොත්තු වන අයට ඉල්ලුම්පත් පුරවන ලෙස ආරාධනා කළා. පවුල් 57,8000 ක් සහණාධාර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා. මෙය මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් .

    එළඹෙන අප්‍රේල් මස සිට මෙම ආධාර ලබා දීමේ වැඩසටහන ආරම්භ කරනවා. මීට අමතරව සමෘද්ධි, වැඩිහිටි , වකුගඩු අධාර ලබා දීමේ වැඩසටහන්ද නිසි පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    සමාජ සුබ සාධනයෙන් ඔබ්බට ගොස් ශක්තිමත් රටක් ලෙස නැගී සිටින්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති බව රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.

    රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මනා ලෙස සැළසමු කර මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් , විශේෂයෙන්ම ආයෝජකයන් සඳහා වඩාත් හිතකර පරිසරයක් සකස් කිරීම සඳහා කටයුතු කර ඇතැයිද කීය. බස්නාහිර, වයඹ ,හම්බන්තොට, කේන්ද්‍රකර ගනිමින නව ආයෝජන කලාප තුනක් සැළසුම් කර ඇතැයිද කීය.

    විශේෂයෙන්ම දකුණු පළාතේ ප්‍රධාන අපනයන භෝගයක් වන ''කුරුඳු'' සඳහා වෙනම ම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. කුරුඳු සඳහා වෙළඳපොළ විශාල ඉල්ලුමක් තිබුණද කුරුඳු පිළිබඳ බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැත. එහෙත් ඉදිරියේදි තේ රබර් පොල් අභිබවා කුරුඳු භෝගයට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා කීය.

    තවද දිය මත ලිස්සා යාම වැනි ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ බවත් , මෙම ක්‍රීඩාව සඳහාම පමණක් ඇතැම් සංචාරකයින් මෙරටට පැමිණෙන බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, වැඩි වශයෙන් අවධානය යොමු නොවූ දියමත ලිස්සා යාමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇතැයිද කිය.

    රාජ්‍ය සෙවකයා ගෙදර යැවීමට හෝ ඔහුගේ පඩි අඩු කිරීමට මෙවර අයවැයෙන් කතා නොකරන බවත් ඔහුගේ උපරිම ඵලය ලබා ගන්නේ කොහොමද යන්න පිළිබඳව මෙවර අයවැයෙන් සාකච්ඡා කර ඇතැයිද කිය.

    පසුගිය මුදල් අමාත්‍යවරු මුහුණ දුන් අභියෝගයන්ට වඩා සිය ගුණයක් වැඩි අභියෝගයන්ට මුහුණ දෙමින් මුදල් අමාත්‍යවරයාට මෙවර අයවැය ඉදිරිපත්කිරීමට සිදුව වූ බවද රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

    මෙවර අයවැයෙන් රුපියල් බිලියන 7,885 ක මුදලක් එළඹෙන වසරේ රජයේ වියදම් ලෙස වෙන් කර තිබේ. එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1,785 ක වැඩිවීමක් අපි එම මුදල් සොයා ගන්න අවශ්‍යයි. බිලියන 7885ක රාජ්‍ය වියදමක් අපි සැළසුම් කළා. එය 29%ක වැඩි වීමක්. සෘණ ආර්ථිකය සිටිමින් අප මෙම මුදල් සොයා ගත යුතුයි. එය ඉදිරි වසරේ මුහුණ දෙන දැවැන්ත අභියෝගයක්. මෙම සෑම එකක්ම ඉදිරි වසරේ අපි මුහුණ දෙන දැවැන්ත අභියෝග ''යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya