මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    ඔක්තෝබර් 15, 2022

    පුත්තලම සිට කොළඹ,මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි වේගය පැ.කි.මී. 25-35 පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 පමණ දක්වා වැඩි විය හැක.

    ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිබවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya