මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා පුද්ගලයන් තෝරාගැනීම විනිවිදභාවයකින් සිදු කරනවා

    සැප්තැම්බර් 14, 2022

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා පුද්ගලයන් තෝරාගැනීම විනිවිදභාවයකින් සිදු කෙරෙන බව සුබසාධක මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා පවසයි.

    සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    2022 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ 7 (1) වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනාගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැනට මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි , වැඩිහිටි පුද්ගල , ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් සහ එම සහනාධාරය අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල් සහ පුද්ගලයන්ද වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පිරිස් මෙම වැඩසටහන සඳහා ඉලක්ක කර ඇත.

     

    අදියර කිහිපයක් යටතේ මෙමම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් මෙම වැඩසටහන සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පුවත්පත් දැන්වීම් මගින් පළ කර ඇති බවත් එහි අවසාන දිනය මෙම මස 30වන දින බවත් ඒ මහතා පැවසීය.එසේම අගෝස්තු මස 30 වැනි දින ජාතික පුවත්පත් දෙකක සිංහල සහ දමිළ භාෂාවෙන් පළකළ දැන්වීමේ ඇමිණුම 1 සඳහන් ආදර්ශ ආකෘතියට අනුව සකස් කළ අයදුම්පත් අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දිය යුතුය.

    ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය වෙත මෙම තොරතුරු සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අනුයුක්ත කර ඇති නිලධාරීන් ඇතුළත් කළ යුතු අතර සියලු ඉල්ලුම් පත් සඳහා QR කේතයක් ලබා දෙයි.

    මෙම ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්බ දත්ත එක්රුස් කිරීම ස දහා අනුයුුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් තම පෞද්ගලික ජංගම දුරකතනය භාවිත කරමින් අයදුම්කරුවන්ගේ තෘහ ඒකක වෙත ගොස් ජංගම දුරකතන යෙදවුමක් (Mobile app) භාවිත කරමින් දත්ත එක්රැස් කර පද්ධතිගත කිරීම මෙහි තුන්වන පියවර වේ.දත්ත එක්රැස් කිරීම අවසන් වූ පසුව ක්ෂේත්‍ර නිලධාරීන් අයදුම්කරුවන්ටෙ දත්ත ලබා ගැනීම සහතික කරන QR කේතය ඇතුළත් පත්‍රිකාවක් තම අත්සන යොදසා ලබා දියබ යුතු අතර අයදුම්කරු නිවැරදිව දතක්ත ලබා දුන් බවට QR කේතය අඩංගු පත්‍රිකාවට සිය අත්සන යොදා සහතික කළ යුතු වේ.එසේම මෙම අයදුම්කරුවන්ගේ නාමලේඛනයට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය පද්ධතිගත වේ.මෙම දත්ත රැස් කිරීමේ පියවර සැප්තැම්බර් මස 30වැනි දින සිට ආරම්භ කෙරේ.

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පළ කරන ලද 2019.06.20 දිනැති අංක 2128/24 දරණ ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රධාන නිර්ණායක 6ක් සහ ඪට අදාළ දර්ශක 22ක් යටතේ දරිද්‍රතාවය ගණනය කිරීම සූත්‍රගත ක්‍රමයකට සකස් කර තිබේ.ඒ අනුව සෑම අයදුම්කරුවකුටම ලකුණු ලබා දීම සිදු කෙරෙන අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුසුකම් ලැබූ තැනැත්තන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ප්‍රදර්ශනය කෙරේ.දෙසැම්බර් මස 15වැනි දින වන විට මෙම අදියර අවසන් කිරීමට නියමිතය.

    සුබසාධක ප්‍රතිලාභ පනතේ අංක 11(1) වගන්තිය යටතේ විරෝධතා සහ අභියාදනා කැඳවීම පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් මණ්ඩලය විසින් සිදු කරන අතර පැමිණිලිකරු හො අභියාචනාකරු විරේධතා හිමිකම්පෑමට අදාළ ඉල්ලුම්පත් සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතු වේ.ඒ සඳහා කමිටුවක් පත් කර මෙම පැමිණිලි විමර්ශනය කර තීරණය ප්‍රාදේශීය ලේකම්වරයට ලබාදෙයි.
    අනතුරුව සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ අවසන් ප්‍රතිලාභී නම් ලැයිස්තුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර මණ්ඩලයේ අනුමැතියෙන් පසු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කෙරේ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya