මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප ව්‍යාප්ත හෙළ ඔසුසැල් පරිශ්‍ර තුළ ආයුර්වේද සායන මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 14, 2022

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් හෙළ ඔසුසැල් පරිශ්‍ර තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ කිරිබත්ගොඩ හෙළ ඔසුසැල් සායන මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින සිදු කෙරිණ.

    මෙම වැඩපිළිවෙල දිවයින පුරා පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරනු ලබන හෙළ ඔසුසැල් තුළ සතියේ දින 07 ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහිදී දිවයිනේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඉතා සහනදායී මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර එහිදී සර්වාංග රෝග, කැඩුම් බිඳුම්, කාන්තා රෝග ඇතුළු රෝග රැසක් සඳහා ප්‍රතිකාර සේවා ලබා දීම සිදු කරනු ලබයි.

    මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි සාගලා අබේවික්‍රම, අද දින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් හෙළ ඔසුසැල් පරිශ්‍ර ආශ්‍රිතව ආයුර්වේද සායන මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව පිහිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවා. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ අදහසකට අනුව මෙම වැඩපිළිවෙල දිවයින පුරා සතියේ දින 07ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා. එමගින් රෝගීන්ට ඉතා පහසුවෙන් ඔවුන්ගේ අභිමතය පරිදි වෛද්‍යවරුන් තෝරා රෝගී ප්‍රතිකාර සේවාවන් සහනදායී මිල ගණන් යටතේ ලබා ගැනීමට හැකියාව උදාවනු ලබනවා යැයි ප්‍රකාශ කර සිටියාය.

    එම අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ශාන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya