මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රි ලංකා රජය අතර සිදු වු සාකච්ඡාවල කරුණු සැඟවීමක් නෑ

    සැප්තැම්බර් 13, 2022

    ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රි ලංකා රජය අතර සිදු වු සාකච්ඡාවන් සම්බන්ධයෙන් කරුණු සැඟවිමක් හෝ කිසිදු රහසිගත යෝජනාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක (වැඩ බලන) හා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඇමතිවරයා මේ බව පැවසුවේ, අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    කැබිනට් මණ්ඩලයටත්,විපක්ෂ නායකවරයා ඇතුළු අදාළ කෝපා හා කෝප් ඇතුළු මුදල් කාරක සභාවල සභාපතිවරුන් ඉදිරිපත් කිරීමට යථා කාලයේ දි කටයුතු කරන බව එහි කිසිදු සැඟවිමක් නොමැති බව ඇමතිවරයා අවධාරණය කළේය.

    එසේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවෙල් මහත්මිය අතර කළ සාකච්ඡවේ දි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සංශෝධනයක් හා පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවද ,එම වෙනසකට සමහර පක්ෂ එකඟ වෙන්නේ නැත්නම් ජනමත විචාරණයක් සිදු කළ යුතු බවද එහිදි ප්‍රකාශ වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya