මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික නීති රීති පසෙකලා ඖෂධ සැපයීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න -සෞඛ්‍ය ඇමති නිලධාරීන්ට කියයි

    සැප්තැම්බර් 13, 2022

    ජනතාවගේ ජීවිත අන් සියල්ලටම වඩා වටිනා බැවින් ඇතැම් සම්ප්‍රදායක නීති රීති ලිහිල් කරමින් ඔවුනට අවශ්‍ය ඖෂධ සැපයීම උදෙසා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමන් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා (ඊයේ 12) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබියදී ඖෂධ හිඟයක් ඇතිවුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගතයුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය සැපයුම් අංශය,රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව,ජාතික ඖෂධ නියාමන අධිකාරිය ,ආසියානු සංවර්ධන බැංකුව,ලෝක බැංකුව යන අංශයන්හි ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමේදී වෛද්‍ය සැපයුම් අංශය අවශ්‍ය තොරතුරු නිසි ලෙස යාවත්කාලීන කරමින් කිසිදු හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමේ පූර්ණ වගකීම භාරගතයුතු යැයිද ඒ සඳහා අනෙකුත් අදාළ ආයතන අතර මනා සබඳතාවක් ඇති කර ගතයුතු යැයිද අමාත්‍යවරයා පැවසීය.

    ඖෂධ ලබාගැනීමේදී ජාත්‍යන්තරික වශයෙන් ලබාදෙන ණය හෝ ආධාර ක්‍රමවත්ව යෙදවීම පිළිබඳව ප්‍රමුඛ අවධානයකින් නිලධාරීන් කටයුතු කළ යුතු යැයිද එවැනි ව්‍යාපෘති තුළ සිදුවන මන්දගාමී ක්‍රියාමාර්ග ගැටලු රැසක් නිර්මාණය කිරීමට හේතු වනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමුඛතාවයකින් යුතුව හඳුනාගැනීමටත් ඒවා නිසි අයුරින් බෙදා හැරීම සඳහා විශේෂඥ වෛද්‍ය සංගම්හි සහය ලබාගන්නා ලෙසත් රෝහල් අධ්‍යක්ෂවරුන් හරහා ඖෂධ පිළිබඳව යාවත්කාලීන තොරතුරු කඩිනමින් ලබාගන්නා ලෙසත් විශේෂයෙන් පිළිකා රෝගී ඖෂධ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර එවැනි ඖෂධ සැපයීම සඳහා ප්‍රමුඛ අවධානයකින් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන් වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    දේශීය සැපයුම්කරුවන් හා නිෂ්පාදකයින් ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වුවද පවතින ඇතැම් බාධාවන් හේතුවෙන් එය නිසි ලෙස ක්‍රියාවට නැංවිය නොහැකි තත්ත්වයන් ඇති වී තිබෙන බවත් එම නිසා එවැනි තත්ත්වයන් පිළිබඳ වඩාත් අවධානයක් යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන රැසක නිලධාරීහු රැස්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya