මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

    සැප්තැම්බර් 01, 2022

    ‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් (2022 අගෝස්තු 31) පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.

    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැළසීම සඳහා බටහිර නාවික විධානය මඟින් කළුතර, රත්නපුර හා කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 26 ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල, තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 09 ක් ද සුදානමින් තබා ඇත.

    තවද, මෙම සහන කණ්ඩායම් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කර ජනතාවට කඩිනමින් සහන සැළසීම සඳහා මෙලෙස සූදානමින් තබා ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya