මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව දිස්ත්‍රික් කොම්පෝස්ට් පොහොර පරේෂණාගාරය විවෘත කෙරේ

    සැප්තැම්බර් 01, 2022

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද "තිරසර කෘෂි සංස්කෘතිය කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතිය" යටතේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරන ලද මඩකළපුව දිස්ත්‍රික් කොම්පෝස්ට් පොහොර පරේෂණාගාරය ( 30 දා ) ආණ්ඩුකාරවරිය අතින් විවෘත කෙරිණ.

    ඒ සඳහා වියදම් කල මුදල රුපියල් මිලියන පහලවකි.

    පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කරඩියනාරු ප්‍රදේශයේ පිහිටි සේවා සංස්කරණය අභ්‍යාස ආයතනයේ මෙම නව පරේෂණාගාරය පිහිටා තිබේ. මෙම ආයතනය මගින් කොම්පොස්ට් වලට අදාළ පරේෂණ වර්ග 10ක් සිදුකරන අතර එම වාර්තා සති තුනක් ඇතුලත ලබාදීමට කටයුතු කෙරේ. ඉදිරියේදී ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික් වලද මෙම පරේෂණාගාර ඉදිකිරීමට නියමිතය.
    මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් අයි.ජී.කේ.මුතුබණ්ඩා,ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya