මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සිව් මස තුළ සංචාරකයින් මිලියනයක්

    සැප්තැම්බර් 01, 2022

    ඉදිරි සිව් මස තුළ සංචාරකයින් මිලියනයක් හා ඇ.ඩො. බිලියන 1.8ක අපේක්ෂා කෙරේ.

    ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි වන අතර මේ වසර අවසානයේදි සංචාරකයින් මිලියනයක් සමග ක්ෂේත්‍රය ආශ්‍රිත අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර්
    බිලියන 1.8ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

    ලෝක අර්බුදය මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඇතිවූ සමාජ නොසන්සුන්තාව හමුවේ සංචාරක ව්‍යාපාරය විශාල පසුබෑමකට ලක් වූ බවත්, එහි ප්‍රතිපල ලෙස සංචාරක හෝටල් කර්මාන්තයේ සිට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සෑම ක්ෂේත්‍රයක්ම අඩාල වූ බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

    සංචාරක ව්‍යාපාරය ආර්ථික, සමාජීය, දේශපාලන ක්ෂේත්‍ර සමග ඉතාමත් වේගයෙන් වෙනස් වන ක්ෂේත්‍රයක් බවත්, මෙම ක්ෂේත්‍රය සෘජුව මිනිසුන් සහ ඔවුන්ගේ හැඟීම්, ආශාවන් සහ අවශ්‍යතාවන් සමග සම්බන්ධ බවත් ලේකම්වරයා පැවසීය.

    පසුගිය කාලය තුළ ලංකාවේ පැවති තත්ත්වය සමග බොහෝ රටවල ලංකාව පිළිබඳ ඉතාමත් වැරදි චිත්‍රයක් නිර්මාණය වූ බව පෙන්වා දෙන ලේකම්වරයා, මෙම තත්ත්වය හට ගැනීමට ලංකාව අභ්‍යන්තරයේ ඇති වූ ඉන්ධන, ගෑස්, ආහාර වැනි ප්‍රශ්න මෙන්ම මුල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත අර්බුදයන්ද දැඩිව බලපෑ බව සඳහන් කළේය. මෙවන් බාධක අභියස වුවද ලංකාවට කැමැත්තෙන් එන සංචාරක පිරිසක් මෙන්ම ලංකාවට පැමිණීමට උත්සාහ කළ සංචාරක පිරිසක් ද දැකිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට ඉන්ධන ගැටලුවට යම් දුරකට විසඳුමක් ලබාදීමටත්, ගෑස් ප්‍රශ්නය විසදා ගැනිමටත්, ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින්ගේ ණය සඳහා සහන කාලයක් ලබාදීමටත් හැකි වූ බව පැවසූ ලේකම්වරයා, මේ වන විට රට රටවල ශ්‍රී ලංකාව පිළිබඳ පැවැති අහිතකර බලපෑම ඉවත්
     යාමක් දක්නට ඇති අතර රට අභ්‍යන්තරයේ පැන නැගුණ බාධාවන් ද ඉවත් වෙමින් පවතින බව කීය.

    සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග සැකසීම සැලසුම් සහගත ගමනක් විය යුතු බව පෙන්වා දුන් ලේකම්වරයා, ශ්‍රී ලංකාව ලෝකයේ ලස්සනම දූපත බවට පත් කරමු යන සංචාරක දැක්ම පෙරදැරි කර ගනිමින් ලංකාව එන්න හිතෙන රටක් බවටත්, පැමිණීමෙන් පසු ඉන්න හිතෙන රටක් බවටත්, රටින් බැහැර ගිය පසු නැවත එන්න හිතෙන රටක් බවටත් පත් කළ යුතු බව අවධාරණය කළේය. සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් පසුබෑමට කෙටිකාලීන පිළියම් ලෙස ලංකාවේ ආකර්ශනීය පාරිසරික ස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙතෙක් වැඩි අවධානයකට ලක් නොවූ ලංකාවේ මුහුද අභ්‍යන්තරයේ දක්නා කෞතුක වස්තු, ගිලිණු නැව් හා ඒ වටා මත්ස්‍ය සම්පත් මෙන්ම ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම්, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේදී අවධානය යොමු කෙරේ.

    වත්මන් සංචාරක ප්‍රතිපත්තියෙහි අඩුපාඩු ඉවත් කර සංචාරක ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් ලබන සතිය තුළ අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් යොමු කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    මෙම අවස්ථාවට එක් වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ලංකාවේ සංචාරක ව්‍යාපාරය 2018 වසරේදී ඉතාමත් සාර්ථක මට්ටමක පැවති බවත්, සංචාරකයන් මිලියන 2.3ක් රටට පැමිණි බවත්ය. එම වසර තුළ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් විය. 2019 වසරේ අප්‍රේල් මස පාස්කු ප්‍රහාරය සමග මේ ප්‍රගතිය අඩාල වූ අතර තවදුරටත් 2020 ජනවාරි මස සිට කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමග තත්වය තවත් නරක අතට හැරිණ. පසුගිය වසරේ සංචාරකයින් පැමිණීම එක්ලක්ෂ අනූහතරදාහක් දක්වා පහත වැටිණ. සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම වසර තුළ දැනට ලක්ෂ පහකට ආසන්න සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බවයි. දැනට ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ආයතන 6000ක් පමණ ලියාපදිංචි වී ඇත. මිලියන තුනකට අධික පිරිසක් සෘජු හා වක්‍ර රැකියාවල නිරතව සිටිති. 2019 වසර තුළ සංචාරක කර්මාන්තයේ බිඳවැටීමත් සමග මෙම ව්‍යාපාරය හා සම්බන්ධ බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය.

    දැනට සංචාරක ව්‍යාපාරය පළාත් කිහිපයක පමණක් ව්‍යාප්ත වී ඇති නමුදු නැගෙනහිර, උතුරු, වයඹ හා ඌව යන පළාත්වල සංචාරකයින්ට ආකාර්ෂණීය ප්‍රදේශ පවතින බව කී සභාපතිවරයා දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන 5500කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා ඒවාද ඇතුළත් කොට ආයතන නවයක් ඔස්සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව සදහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya