මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් නව චක්‍රලේඛයක්

    අගෝස්තු 31, 2022

    කොරෝනා සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා පැවසීය.

    ගෝලීය වශයෙන් ව්‍යාප්තව වසංගතයක් බවට පත්වූ කොවිඩ් තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලයේ මෙරට ජන ජීවිතය මුළුමනින් ම පාහේ අකර්මණ්‍ය වූ අතර, මෙම තත්ත්වය රාජ්‍ය සේවයටද දැඩි බලපෑම් එල්ල කළේය.

    එහිදී රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයින් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම,සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතන වසා තැබීම මෙන්ම ගර්භනී හා කිරිදෙන මව්වරුන් රාජ්‍ය සේවය සඳහා නොකැඳවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කළේය.

    මේ සඳහා වන චක්‍රලේඛ කලින් කල රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ අතර ඒ අනුව රාජ්‍ය සේවය පවත්ගෙන යන ලදි.

    වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවතී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya