මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන මාස් කන්නයේදී යූරියා පොහොර ලබාදීමට අමතරව බණ්ඩි පොහොරත්

    අගෝස්තු 25, 2022

    ලබන මාස් කන්නයේදී යූරියා පොහොර ලබාදීමට අමතරව බණ්ඩි පොහොරත් (MOP) ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරයි.

    එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොරවලට අමතරව ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) ලබා දීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළකර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

     (23) දින පෙරවරුවේ ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් නියෝජිතයින් සමඟ කෘෂිකර්ම අමාත්‍යවරයා එළඹෙන මහ කන්නයේ වගා කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය. විශේෂයෙන් වී, බඩඉරිඟු සහ එළවළු වගාවට බලපාන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

     වගාවට අවශ්‍ය යූරියා පොහොර, වෙනත් පොහොර වර්ග, කෘමිනාශක සහ වල්නාශක මෙන්ම දිලීරනාශක සහ කාබනික පොහොර පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය ලබා දීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ. එමෙන්ම මියුරේට් ඔෆ් පොටෑෂ් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඩොලර් මිලියන 25ක් වැය කිරීමට නියමිතය. වගාවට අත්‍යාවශ්‍ය පොහොර විශේෂයන් වන TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මිලදී ගැනීමට යෝජිතව ඇතත්, ඒවා මිලදී ගැනීමට හැකි රටක් තවමත් සොයා ගැනීමට අපහසු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ සම්බන්ධව ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත්, TSP මිලදී ගත හැකි රටක් පිළිබඳව සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම වගාවට අවශ්‍ය කෘමිනාශක, වල්නාශක සහ දිලීරනාශක පුද්ගලික සමාගම් විසින් ගොවිජන මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් සම්බන්ධව ද අවධානය යොමු කර තිබේ.

    කෙසේ වුවද 2023 වර්ෂය මැද වන විට මේ රටේ කෘෂිකර්මාන්තය තුළ විශාල ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සියළුම දිස්ත්‍රික්කවල පවතින ගොවි ගැටළු සම්බන්ධයෙන් ගොවි නියෝජිතයෝ අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya