මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ අස්වනු නෙලීමත් සමඟ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි

    අගෝස්තු 25, 2022

    ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩි රටවල් 05 අතරට ඇතුලත්ව තිබුණද එළඹෙන මහ කන්නයේ අස්වනු නෙලීමත් සමග රටට අවශ්‍ය සහල් දේශියව නිෂ්පාදනය කර සහලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.


    (24) පෙරවරුවේ “යල මහ දෙකන්නයේ පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල සහ බඩ ඉරිඟු වගාව ප්‍රචලිත කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම” සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණ.

    ශ්‍රි ලංකාවට සහල් මෙට්ට්‍රික් ටොන් 550,000 ක් පමණ මේ වනවිට ආනයනය කර තිබෙන බැවින් තවදුරටත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. දේශිය පරිභෝජනයට අවශ්‍ය සහල් සඳහා දේශිය වී නිෂ්පාදනය ප්‍රමාණවත් බවත්, අදාළ සියලු පාර්ශවයන්හි සහයෝගය ලැබුණොත් මෙම ඉලක්කය කරා ඉක්මනින් ළඟා විමට පිළිවන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු වගාවට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා බිත්තර හා කුකුල් මස් නිෂ්පාදනයට බලපා ඇති බාධාවන් ආහාර උද්ධමනය වැඩිවීමට හේතුවකි. 2021 වසරේ බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 90,000 කි. මෙවර යල කන්නයේ හෙක්ටයාර 111,000 ක් පමණ බඩ ඉරිඟු වගා කිරීමට ගොවි ජනතාව කටයුතු කර ඇත. ගොවීන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාදීම මගින් තවත් කන්න දෙකක් පමණ යනවිට ශ්‍රී ලංකාව බඩ ඉරිඟුවලින් ස්වයංපෝෂිත කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මුං ඇට, කව්පි සහ කුරක්කන්වලින් ස්වයංපෝෂිත මට්ටමකට ආසන්න ශ්‍රී ලංකාව මේ වනවිට රටකජුවලින් ස්වයංපෝෂිතය. මෙතෙක් ආනයනය කරන ලද “ජම්බොපීනට්ස්” සඳහා අවශ්‍ය රටකජු මේ වනවිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරයි.

    දේශීය වියළි මිරිස් අවශ්‍යතාවයෙන් 99% ක්ම ආනයනය කරන ශ්‍රී ලංකාව මිරිස් වගාව සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීම තුළින් අක්කරයකින් කිලෝ ග්‍රෑම් ලක්ෂ 40 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. නවීන තාක්ෂණය සහ දෙමුහුන් වගා ක්‍රම අනුගමනය කරමින් තරුණ ප්‍රජාව ඒ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට රට තුළ ක්‍රියාත්මකයි.

    රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හා පෙළඹවීම මත ශ්‍රී ලංකාව දැනට පත්ව ඇති ආහාර උද්ධමනයේ 05 වෙනි ස්ථානය කඩිනමින් වෙනස්වනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජනසේවා කොමසාරිස් මිගාර සමරකෝන් යන මහත්වරු සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya