මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර යෙදීම ගැන බතලගොඩ වී පර්යේෂණායතනය සිදු කළ පර්යේෂණ සාර්ථකයි

    අගෝස්තු 25, 2022

    වී වගාව සියයට 70- 30 ප්‍රතිශතයට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීමේ බතලගොඩ වී පර්යේෂණායතනය මගින් සිදු කළ පර්යේෂණ සාර්ථක වේ.

     එළඹෙන මහ කන්නයේ දී මෙරට වී වගාවේ දී සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් යෙදීම සම්බන්ධව බතලගොඩ වී පර්යේෂණායතනය විසින් සිදු කළ පර්යේෂණ අති සාර්ථකව තිබේ.

     මේ වනවිට මෙරට ආහාර නිෂ්පාදනයට විශාල බලපෑමක් මෙන්ම ආහාර උද්ධමනය පවා ඉහළ යාමට හේතු වූයේ 2021 මහ කන්නය අසාර්ථක වීමයි. එයට හේතුව නම් සියයට 100ක් කාබනික පොහොර හා දියර පොහොර යොදාගනිමින් වගා කිරීමට යාම තුළ සමස්ත වගා ක්‍රියාවලිය කඩා වැටීමයි. එම වසරේ මහ කන්නයේ දී වී අස්වැන්න සියයට 40කින් පහත වැටිනි.

     මේ නිසා මෙවර මහ කන්නයේ දී වී වගාවේ දී සියයට 70ක් රසායනික පො‍හොරත්, සියයට 30ක් කාබනික පොහොරත් යොදා ගැනීම මගින් වී වගා‍වේ සාර්ථකත්වය පිළිබඳ පර්යේෂණ බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් සිදු කරනු ලැබීය.

     ඒ අනුව එම පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.

     කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා බතලගොඩ වී පර්යේෂණායතනයේ සියයට 70-30 වී වගාව නිරීක්ෂණය කළේය. එම වී වගාව ඉතාමත් සාර්ථකව ඇති බව අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

     ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව උනන්දුවක් දක්වන ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්ගේ නිර්දේශය මත 2022 මහ කන්නයේ වී වගාව සියයට 70-30 අනුපාකයට වගා කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     “අපි අද අත්විඳින්නේ සියයට 100ක් කාබනික පොහොර මත වගා කිරීමට යාමේ ප්‍රතිපලයයි. සියයට 100ක් රසායනික පොහොර යොදාගත්තත් නිසි අස්වැන්නක් ලබා ගන්න බැහැ. ඒ නිසා රසායනික පොහොර හා කාබනික පොහොර යන දෙවර්ගයම භාවිතා කිරීම මගින් වගා කිරීමට පියවර ගැනීම යෝග්‍ය බව බතලගොඩ වී පර්යේෂණායතනයේ පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මාධ්‍ය ඒකකය

    කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya