මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකයේ රාජකාරි කටයුතු හදිසි විමර්ශන කණ්ඩායමකගේ පරික්ෂාවට

    අගෝස්තු 25, 2022

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති කාර්යාංශ කවුළුවේ රාජකාරි කටයුතු පිළිබඳ හදිසි පරික්ෂාවක් සිදුකරන ලදී.

     

    මෙහිදී රැකියා සඳහා විදේශ ගතවන විගමණිකයින්ගේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවත්, සංචාරක වීසා මගින් විදේශ ගතවීමට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු සිදුකරන ආකාරයත් විමර්ශන කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වූ අතර, කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරන ලදී.

    කාර්යාංශයේ උප සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya