මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ්‍රමිකයින්ගේ සුභසාධන පහසුකම් වෙනුවෙන් මේ වසරේ මුල් මාස හතේ කෝටි 19ක් වැය කරයි 

    අගෝස්තු 24, 2022

    සුභසාධන පහසුකම් හා වන්දි මුදල් කඩිනමින් ලබාදීමට ඇමති මනුෂගෙන් නිළධාරීන්ට උපදෙස්...

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදංචි වී රැකියා සදහා විදේශ ගතවන පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් කාර්යාංශය මේ වසරේ ගෙවුණු මාස 7දී පමණක් රුපියල් මිලියන 194.42ක මුදලක් වැය කර තිබේ.

    රැකියා සදහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය වන අතර, එම ලියාපදිංචියේදී හිමිවන අමතර සුභසාධන සහන වශයෙන් මෙම දීමනා ලබාදීමට කාර්යාංශය කටයුතු කරයි.

    විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් කාර්යාංශය ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සදහා එක් දරුවෙකුට රු.20000 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් සදහා එක් අයෙකුට රු.25000 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් සදහා එක් අයෙකුට රු.35000 බැගින් මුල්‍යමය ශිෂ්‍යත්ව ලබා දෙයි. මේ වසරේ මුල් මාස 7 තුළදී 2020 වර්ෂයට අදාලව සිසුන් 3519 දෙනෙකු සදහා රුපියල් මිලියන 88.68ක මුල්‍යමය ශිෂ්‍යත්ව 2021 හා 2022 වර්ෂය තුළදී කාර්යාංශය මගින් ලබාදී ඇත.

    2021 වර්ෂයට අදාළව සිසුන් 2800 දෙනෙකු සදහා රුපියල් මිලියන 80ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදීම සදහා කාර්යාංශය ප්‍රතිපාදන වෙන්කර ඇත. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ අයදුම්පත් කැඳවීම අවසන් කර ඇති අතර, ඊට අදාළ පරික්ෂා කිරීම් මේ වන විට සිදුකරමින් පවතී.

    එසේම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 89 දෙනෙකු සදහා රු.426,000.00 ක් වටිනා පාසල් උපකරණ මෙම මාස කිහිපය තුළදී ලබාදී ඇති අතර, 2022 වර්ෂය තුළදී පාසල් සිසුන් 500 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබාදිමට රුපියල් මිලියන 3ක් වෙන්කර තිබේ.

    රැකියා සදහා විදේශ ගතවූ ශ්‍රමිකයින් 71,186 දෙනෙකුගේ රක්ෂණ වාරික මෙම වසරේ මුල් මාස 7 තුළදී කාර්යාංශය මගින් ගෙවා ඇති අතර, ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 58.9 කි. රැකියාව අතරතුරදී සිදුවන අනතුරු හා රෝගාබාධ වෙනුවෙන් පුද්ගලයින් 334 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 57.5ක මුදලක් රක්ෂණ හිමිකම් වන්දි වශයෙන් වින්දිත ශ්‍රමිකයින්ට ගෙවා තිබේ.

    තවද, අනතුරු හෝ රෝගාබාධ සිදුවන අවස්ථාවේදී කාර්යාංශයේ ලියාපදිංචි කාලසීමාව ඉක්මවා තිබීම නිසා රක්ෂණ වන්දි සදහා හිමිකම් කිව නොහැකි වන ශ්‍රමිකයින් සදහා සේවක සුභසාධන අරමුදල මගින් ගෙවීම් සිදුකරන අතර, ඒ යටතේ පුද්ගලයින් 49 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 11.6ක් කාර්යාංශය විසින් ගෙවා ඇත. මෙම වර්ෂය තුළදී සේවක සුභසාධන අරමුදල මගින් පුද්ගලයින් 120 දෙනෙකු වෙනුවෙන් වන්දි ගෙවීම් සිදුකිරීමට කාර්යාංශය රුපියල් මිලියන 24ක් වෙන්කර තිබේ.

    විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන සුභසාධන පහසුකම් පුළුල් කිරිමට සහ ලබාදෙන වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා විසින් කාර්යාංශයේ නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ. එසේම නීත්‍යානුකූලව දිවයිනට මුදල් එවන ශ්‍රමිකයින් වෙනුවෙන් ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වා ගැනීම සඳහා බලපත්‍රයක් හා තිරු බදු සහන ලබාදීම සඳහා පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතියද ලබාගන්නා ලදී.

     - ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya