මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයත් පාඩු ලබන රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රතිසැකසුමත් කළ යුතුයි

    අගෝස්තු 23, 2022

    2023 අය වැය විශාල වෙනස්කම් සහ නව බලාපොරොත්තු සහිත අයවැයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුව සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව පවසමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය තවදුරටත් ත්‍රීවුර වීම වැළැක්වීමත් හා අනාගත තිරසරභාවය සඳහා අඩිතාලම දැමීමත් මෙම අයවැයෙන් සිදුකළ යුතුව ඇත.

    ඒ අනුව 2023 -2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් මත පදනම්ව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම, 18.9% ක් වන රාජ්‍ය වියදම 18.1%ක් වශයෙන් අඩ කර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය සෘණ 4% අගයේ සිට සෘණ 1% දක්වා අඩු කර ගැනීම සහ අයවැය පරතරය සෘණ 9.9% සිට සෘණ 6.8% දක්වා අඩු කර ගැනීම යන ඉලක්කයන් 2023 වර්ෂයේ අයවැය මගින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

    තවද 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදයක් පදනම් කර ගනිමින් සකස් කිරීමට සැළසුම් කර ඇත.

    ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා රජයේ ආදායම් ඉහළ නංවා ගත යුතු බවත් ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ පැවති කැබිනට් රැස්විමේ දීර්ග වශයෙන් සාකච්ඡා කළ බව කැබිනට් අමාත්‍යවරයා පැවසීය

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ය කිරීමක් සිදු කළ යුතු බවත් පාඩු ලබන රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රතිසැකසුම තුළින් අලාභ ලබන ඇතැම් ව්‍යාපාර වසා දැමීමට හෝ ඒ සඳහා ප්‍රතිකර්ම යෙදිය යුතු බවත් එසේ නොකළහොත් , රට තව දුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්වන බව කැබිනට් ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

    පසුගිය වසරේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා පමණක් රුපියල් බිලියන 1115ක් ගෙවීමට සිදු විය. කවර පක්ෂයක් බලයට පත් වුවද වැටුප්/ විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය ණය ගෙවීම දරා ගත නොහැකි තත්වයට පත්ව තිබේ. රටේ දිනක ආදායම රුපියල් කෝටි 400ක් වුවද දිනක වියදම රුපියල් කෝටි 1000ක් වේ. සෑම දිනකටම රුපියල් කෝටි 600ක් ණය වෙමින් මෙම ආර්ථිකය පවත්වාගෙන යාමට සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya