මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථීක අර්බුදයෙන් මිදීමට ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස ගොවිතැන ශක්තිමත් කරනවා

    අගෝස්තු 22, 2022

    ආර්ථීක අර්බුදයෙන් මිදීමට ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස ගොවිතැන ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මුණගැසී ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳ කළ සාකච්ඡාවේ දී මේ බව පැවසීය.ජනාධිපතිවරයා සඳහන් කළේ , අනුරාධපුර දිස්ත්‍රික්කය ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමෙන් රටෙහි සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් ලබාගත හැකි බවයි.

    අනුරාධපුරයෙහි පවතින ඓතිහාසික සිද්ධස්ථාන ඇතුළු පරිසරය පදනම් කරගෙ ඉහළ සංචාරක වටිනාකමක් ඇතිවන අන්දමින් කටයුකු කිරීම සදහා වෙනත් බෞද්ධ රටවල සංචාරක ක්ෂේත්‍රය දියුණු කර ඇති අන්දම ද පෙන්වා දුන්නේ ය.

    ඒ අනුව ඉදිරියේ දී අනුරාධපුර සංචාරක ප්‍රවර්ධනය සදහා සැලසුම් සකස් කිරීමට ප්‍රංශය වැනි රටවල උපදේශකත්වය ලබාගැනීම ඉදිරියේ දී සිදුකරන බව සඳහන් කළේ ය. රටෙහි පවතින ආර්ථික අර්බුදය විසඳීමට කඩිනම්ව ගත යුතු මූලික ක්‍රියාමාර්ගය වශයෙන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ , කෘෂිකර්මාන්තය නැන්වීමයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයීම ඉදිරියේ දී අනිවාර්ය වශයෙන් සිදුකරන බවද එතුමා පැමිණ සිටි පිරිස හමුවේ කීය.

     

    දැන් සිටින්නේ අපිට අපි විතරමයි. එම නිසා සියලු දෙනා එක් වී දේශපාලන බෙදීම් ගැන නොසිතා සාමූහිකව කටයුතු කිරිමේ වැදගත්කම ද එතුමා පැහැදිලි කළේ ය. එමෙන්ම ප්‍රාදේශිය වශයෙන් ග්‍රාමීය මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරින් සංවර්ධන අභිලාසයෙන් යුතුව කටයුතු කල යුතු බවත් , ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රාදේශිය ලේකම්වරු මුලිකත්වය ගෙන එම රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාවලිය පිලිබදව අවධානය යොමුකළ යුතු බවත් අවධාරණය කළේ ය.

    තව ද, ශිලාචාර දේශපාලන පරිසරයක් නිර්මාණය වීමේ අවශ්‍යතාවත් , මාධ්‍ය තුලින් සංවර්ධනය උදෙසා සිදුකළ යුතු කැපකිරිමත් පැහැදිලි ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් පසුව පැමිණි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත වී ය.

    රැස්වීම ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදුකළ දිස්ත්‍රික් මහ දිසාපති ජනක ජයසුන්දර මහතා විසින් දිස්ත්‍රික්කයේ පවතින සංවර්ධන සක්‍යතාවන් පිළිබදව ද ජනාධිපතිවරයා හමුවේ කරුණු පැහැදිලි කළේ ය. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සභාව අමතමින් කියා සිටියේ , ප්‍රධාන දේශපාලන ධාරාවන් රැසක් එකට එක්ව කටයුතු කිරීමට පටන්ගෙන තිබීම ඉතා යහපත් තත්ත්වයක් බවයි. මේ රටේ සැබෑ වෙනසක් ඉල්ලා සිටින ජනතාවගේ හඩට ඇහුම්කම් දීමේ අවශ්‍යතාව ද හිටපු අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද සභාව ඇමතී ය. එහිදී ඒ මහතා කියා සිටියේ පසුගිය සමයේ දී ඇති වූ අරගලය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වූයේ ගොවි ජනතාවට ඇති වූ පීඩාව බවයි. මේ රටේ දේශපාලනය හා ජනතාව අතර විශාල පරතරයක් පවතින බවත්, වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ දරන්නේ ඒ සියලු දෙනා එකමුතු කිරීම බවත් , විජේවර්ධන මහතා කී ය. මෙතරම් අර්බුදයක් පවතින සමයක වුවත් ඇතැම් අය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරමින් සිටී, එහෙත් මෙය ඉතා ඉවසීමෙන් හා කල්පනාවෙන් කටයුතු කර රටෙහි ආර්ථිකය ශක්තිමත් කළ යුතුව පතිවන කාලයක් බවයි , නියෝජ්‍ය නායකවරයා පෙන්වා දුන්නේ ය.

    සභාව ඇමතූ හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ගේ ක්‍රියාමාර්ග පිලිබදව තමන් සතුටට පත්වන බවයි. එමෙන්ම එතුමාගේ මැදිහත්වීමෙන් ඉදිරි මාස්කන්නයේ දී ගොවිජනතාවට අවශ්‍ය සහන සියල්ල සැපයීම නියත වශයෙන් ම සිදුවන බවද චන්ද්‍රසේන මහතා පැවැසී ය.

    අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ හෝටලයේ පැවැති මෙම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, දයා ගමගේ , අනෝමා ගමගේ , ශෙහාන් සේමසිංහ, තිස්ස කරල්ලියද්ද යන මහත්ම මහත්මීන් මෙන්ම උතුරු මැද පලාත් හිටපු මහාමාත්‍ය එස්.එම්. රංජිත් , පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ. පලාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර , අතිරේක දිස්ත්‍රික් ලේකම් විජය වනසිංහ , සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක , ප්‍රාදේශිය ලේකම්වරු , ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද ඇතුළු
    රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

    මේ අතර ජනාධිපතිවරයා මිහින්තලා රාජමහා විහාරයට පැමිණ එහි පැවැති රැස්වීමකට ද එක් වී ය. එහිදී මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් බැහැදැක ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළේ ය.ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක අටවස්ථානය ඇතුළු සිද්ධස්ථානවලට පැමිණ එම සිද්ධස්ථානවල විහාරාධිකාරී නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya