මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අද ආරම්භ වෙයි

    අගෝස්තු 03, 2022

    නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ( අගෝස්තු 03 වැනිදා  ) අද පෙ.ව 10.30 ට ආරම්භ කිරීමට නියමිතය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අගෝස්තු 03 වැනිදා අද පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

    පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.
    විශේෂයෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වා පැවති අතර මෙම කාලසීමාව තුළ පාර්ලිමේන්තුව දින 48 ක් රැස් වී තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya