මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    අගෝස්තු 02, 2022

    රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ උනන්දුවෙන් බලාපොරෝතුවන 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඊයේ (02) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනම් තීරණ දැනුම් දීමේ මැධ්‍ය හමුවට එක්වෙමිනි.

    එය අද (02) ගැසට් පත්‍රයේ පල කිරීමටත් දින 07ක් ගත වූ පසු පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් විශේෂයෙන්ම මෙය 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වන බවද අමාත්‍යවරයා කීය.

     

    මෙහි අංකය පිළිබඳව අපැහැදිළි තැන් ඇති බව කී අමාත්‍යවරයා, දැනට අවසාන වතාවට සංශෝධනය කර ඇත්තේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය බවත් විපක්ෂය විසින් තවත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනක් ඉදිරිපත් කල බවත් එය 21වෙනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය බවත් කීවේය. ඒ අවස්ථාවේදී එය ඉදිරිපත් කළේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස බවත් ඊට පසු පෞද්ගලික යෝජනාවක් ලෙස තමන් 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කල බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

    ඉන් අනතුරුව ආණ්ඩුවේ යෝජනාවක් ලෙස තමන් අධිකරණ ඇමතිව සීටියදී 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කල බවත් එටිට තමන් පෞද්ගලිකව ඉදිරිපත් කර 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස්කර ගත් බවද කී අමාත්‍යවරයා, දැනට මෙය 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස සඳහන් වුවද පාර්ලිමේන්තුවෙදී මෙය සම්මත වෙන විට 21වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවේ අංක කරන බවද කීය.

     

    22වැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැඩි කතා බහට ලක් වූ බව කී අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර මූලික වශයෙන් සියලු දෙනාම එකඟවුනේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආකෘතියට අනුව මෙය සංශෝධනය විය යුතුය යන්න බවත් 20වෙනි ආණ්ඩුකුම ව්‍යවස්ථාව අහෝසි කල යුතු බවට යෝජනා වූ බවයි.

    නමුත් අප 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා හඳුනාගෙන ඇති බව කී අමාත්‍යවරයා, එවා ඉවත් කර 20වෙනි ආණඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති හොඳ ගුණාංග එකතු කර ගන්නා බවත් ඒ නිසා මෙය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලෙස නම් කර නොහැකි බවත් පෙන්වා දුන්නේය.

    මෙහි විශේෂ වෙනස්කම් ඇති බවත් එය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා වැඩි බවද කී අමාත්‍යවරයා, මූලික වශයෙන් 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකු තෝරා පත් කර ගැනීමේදී අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකයාට බලය ලබා දී තිබු බවත් මේ සංශෝධන අනුව ඒ පක්ෂ වලින් ප්‍රධාන පක්ෂය, ප්‍රධාන විපක්ෂය ,කුඩා පක්ෂවලින් නියෝජිතයෙක් පත් කිරීමේ බලය ඒ ඒ පක්ෂවල සිටින කණ්ඩායම් ලබා දී ඇති බවත් එය කතානායකවරයාගේ අධික්ෂණය යටතේ සිදුවන කාරණයක් බවත් කිවේය.

    19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයාගේ හා විපක්ෂ නායකයාගේ එකඟත්වයෙන් කියන කාරණයට යම් පාර්ශවයක් එකඟ නොවුනොත් කෙනෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් තිබු බවත් මෙම ක්‍රමයේ දී එම ගැටළුව ඇති නොවන බවද අමාත්‍යවරයා කිවේය.

    දැනට ඇති නීතිය අනුව ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාචදායක සභාවේ අනුමැතික් අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා, එය 19වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධයේද නොතිබූ බවත් ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමට පෙර ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත යුතු බවට මෙම සංශෝධනයේ ඇතුළත් කර ඇති බවත් මූල්‍ය මණ්ඩලයේ නිළ නොවන සාමාජිකයන් සඳහාත් මෙම අනුමැතිය අවශ්‍ය බවත් යම් සංවිධාන දේශපාලන පක්ෂ කරුණු ඉදිපත් කර තිබුනත් එවැනි අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඊට හේතුව 2002 මුල්‍ය පනත සංශෝධනය කිරීමේදී මෙම ප්‍රතිපාදනය ඇතුළත් වී ඇති බවත් ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඒ සඳහා ගත යුතු බවද කීය.

    19වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අන්තර් කාලීනව අමාත්‍යාංශ 03ක් දැරීමට බලය දී තිබු බව කී අමාත්‍යවරයා, ඒ ආරක්ෂක අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය බවත් 19වෙනි ඒ පාර්ලිමේන්තු වාරයෙන් පසු ජනාධිපතිවරයාට ධූර දැරීමට නොහැකි අයුරින් ප්‍රතිපාදන තිබු බවත් නමුත් මේ සංශෝධනය යටතේ ජනාධිපතිවරයා අනිවාර්ය ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැරිය යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයට බලපාන කාරණයතක් බවද කිවේය.

     

    විපක්ෂය ඉදිරිපත් කර ඇති 21වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් නඩු තීන්දුවක් ලබා දුන් බවත් ඒ නඩු තීන්දුවේ පැහැදිළිව තිබෙනවා ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ සේනාධිනායකයාට ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව හැල්ලුවට ලක්වන සංශෝධනයන් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා කීය.

     

    ශ්‍රේෂ්ඨාධීකරණයට ඉල්ලීමක් කර යම් පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් දී ඇති බවත් ඒ සඳහා වර්ථමානයේ ඇත්තේ දින 07ක කාල සීමාවක් බවත් ඒ කාලය පුරවැසිටන්ට ප්‍රමාණවත් නොවන බැවින් එය දින 14ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    දූෂණයට එරෙහිව පැනවීය යුතු නීති 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයෙන් අප සඳහන් කල බව කී අමාත්‍යවරයා, 2004 වසරේදී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව පාර්ශව කරුවෙකු ලෙස අත්සන් තැබු බවත් 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී එය පිළිගෙන නීති පැනවීමේ වගකීම භාර ගත් බවත් එම පනත 2015 දී කෙටුම්පත් කිරීම ආරම්භකර 2018 දී අවසන් කර බවත් මේ වන විට ඒ පනත තවත් වැඩි දියුණු කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා දී ඇති බවද කීය.

    ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක සමගාමීව දූෂණ විරෝධි නීතියද පාර්ලිමේන්තුවේ දී අනුමත කර ගන්නා බව අමත්‍යවරයා පැවසු අතර ඒ අනුව පවතින අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවත් මහජන නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශණ පනතත් අහෝසී වි ඒවා කඩිනම් අකාරයෙන් තොරතුරු සොයා ගැනීමට හැකි තාක්ෂණයත් යොදා ගෙන අලුත් පනතක් ලෙස එම පනත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවද කීය.

    19 ව්‍යවස්ථා සංශෝධනයේ නොතිබු අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු කුමන හේතුවක් නිසා හෝ ධූර දැරීම නතර කරහොත් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ තනතුරද එතනින් නතර වන බව කී අමාත්‍යවරයා, එය රාජ්‍ය යාන්ත්‍රනය ලෙස කඩා වැටීමට හේතුවක් වන බවත් ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52වගන්තිය සංශෝධනය කර අමාත්‍යවරයා ධූර දැරීම නතර කළත් නව ලේකම්වරයෙකු පත්වන තෙක් හිටපු ලේකම්වරයා නව ලේකම්වරයෙකු පත් වනතෙක් වගකීම් ඉටු කළ යුතුය යන්න මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකතුවන බවද කීය.

    20වන සංශෝධනයේ තිබු හොඳ ගුණාංග ඉවත් නොකර අතර එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (3) වගන්තිය අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පනත් කෙටුම්පතක් සම්බන්ධව කාරක සභා අවස්ථාවන්හිදී සංශෝධන ගෙන එන බව කී අමාත්‍යවරයා, එය අදාළ අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට හිතුමතේ ගෙන ඒමට නොහැකි බවත් පසුගිය ආණ්ඩු කාලයේ දී පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පනත්වලදී බරපතළ වෙනස්කම්වලට ලක් වූ බවත් කාරක සභා අවස්ථාවේදී 20වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සීමාවක් පනවලා තීබෙන බවද කීය.

    19වෙනි ව්‍යවස්ථා සංශෝධයේදී හඳුන්වා දුන් ජනාධිපතිට සම්පූර්ණ මුඛ්‍ය තිබුනත් මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිවරයාගේ තීරණක් අභියෝගයට ලක් කිරීමට හැකි බවත් එය 20වෙනි සංශෝධනයෙන් අහෝසි කලේ නැති බවත් එය තරමක් පුළුල් කර බවත් අමාත්‍යවරයා කීය.

    රීට් අඥා බලය සම්බන්ධයෙනුත් එම බලය ලබා දී ඇති බවද අධිකරණයට ජනාධිපති අමාත්‍යවරයෙක් ලෙස ගන්නා තීරණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවලදී පමණක් නොව රිට් අඥා අධිකරණ බලය අභියාචනාධිකරණය විසින් ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගයට ලක් කර හැක්‍බවට ඇති ප්‍රත්පාදනය ඒ අයුරින්ම ඇති බවද කී අමාත්‍යවරයා,

    ඒ අනුව 20වෙනි සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 11 සිට 17 දක්වා වැඩි කළ බවත් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 12 සිට 20 දක්වා වැඩි කල බවද ඒ ප්‍රතිපාදන ඒ අයුරින් පවත්වාගෙන යන බවද කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya