මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා තීරුබදු සහන - නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවන ප්‍රේෂණ සඳහා දිරි ගැන්වීම්

    අගෝස්තු 02, 2022

    ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රික් වර්ගයේ යතුරු පැදි සහ මෝටර්රථ මිලදී ගැනීමට සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා තීරුබදු සහන ලබා දුන් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විදෙස්ගත ශ්‍රමිකයන් විසින් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවන ප්‍රේෂණ සඳහා තව දුරටත් දිරි ගැන්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව අවම වශයෙන් ඩොලර් 2400ක මුදලක් එවා ඇත්නම් එම පුද්ගලයන් සිල්වර් කාණ්ඩයට අයත් වේ. එම පුද්ගලයා විදෙස් ගත වී සිටි කාලය අනුව එම පුද්ගලයට ලැබෙන තීරු බදු සහණය වෙනස් වේ.

    ඩොලර් 7100 දක්වා එවූ පුද්ගලයන් ගෝල්ඩ් කාණ්ඩයට සහ ඩොලර් 12,000 දක්වා එවූ පුද්ගලයන් ගෝල්ඩ් ප්ලස් කාණ්ඩයට අයත් වේ.

    දවස් 90ට අඩු කාලයක් විදෙස් ගත වී මෙරටට පැමිණීමේදී එම පුද්ගලයාට ඇ.ඩො 187ක සහනයක් හිමිවේ.දින 90-365 අතර කලක් විදෙස් ගතව සිට පැමිණෙන අයෙකුට ඇ.ඩො 625ක තීරු බදු සහනයක් සහ වසරකට වඩා වැඩි කලකට පසු මෙරටට පැමිණෙන පුද්ගලයින් ඇ.ඩො 1750 ක තීරු බදු සහනයක් හිමි වේ.

    වසරකට ඩොලර් 24,000ක මුදලක් මෙරට පිළිගත් බැංකුවක්  ඔස්සේ මෙරටට එවා ඇත්නම් එවැනි පුද්ගලයින් හට වීසා කාලය දින 90ක් සඳහා ඇ.ඩො 4985 ක තීරු බදු සහනයක්ද , දින 90ත්  දින365ත් අතර කාලයක් සඳහා ඇ.ඩො 5425ක් සහ දින 365ට වැඩි නම් ඇ.ඩො 6550ක තීරු බදු සහනයක් හිමි වේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක් වූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ , මෙරට පවතින වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ විදෙස්ගත ශ්‍රමිකයින් එවූ මුදල් නිසා , ඩොලර් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් , ඉන්ධන, ගෑස් වැනි මෙරට මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වූ බවයි.

    විගමනික ශ්‍රමිකයින්ට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා තවදුරටත් දිරිගැන්වීම සඳහා මෙම සහණ ලබා දුන් බව අමාත්‍යවරයා කීය. විදෙස් ශ්‍රමිකයින් පමණක් නොව බැංකුවක් හරහා මෙටට මුදල් එවන සියළුම ශ්‍රී ලාංකිකයන්ට මෙම සහණ ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya