මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

    අගෝස්තු 01, 2022

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණසංවිධානය පවසයි.

    ඒ අනුව රත්නපුර, නුවරඑළිය, මාතර, කෑගල්ල, මහනුවර, හම්බන්තොට සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා අද (1) සිට හෙට පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි අදියර 01 මට්ටමේ නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත තිබේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන, ඉඹුල්පේ, කුරුවිට, නිවිතිගල, කහවත්ත සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශසඳහා ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා මාතර දිස්ත්‍රික්කයේ මුලටියන සහ අතුරලිය යනප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහඒ අවට ප්‍රදේශ සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහාමෙසේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැළකිළිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya