මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

    අගෝස්තු 02, 2022

    කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව 2022 ජූලි මස 31 වන දින  පියවර ගත්තේ ය

    ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා රණජය නෞකාව, තලෛයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ 2022 ජූලි මස 31 වන දින උදෑසන මුර සංචාරයේ යෙදී සිටියදි, ශ්‍රි ලංකාවට අයත් මුහුදු සීමාව තුළ පාවෙමින් තිබූ ලියාපදිංචි අංක IND/TN/10/MM/ 1032 ලෙස සඳහන් වන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදි.

     

    එහිදි සිදුකළ පරීක්ෂාවේදි එම ට්‍රෝලර් යාත්‍රාවේ එංජින් යන්ත්‍රයේ ඇතිව තිබූ කාර්මික දෝෂයක් ‍හේතුවෙන් එම යාත්‍රාව මෙරට මුහුදු සීමාව වෙත ගසා ගෙනවිත් පැමිණ ඇති බව අනාවරණය විය. ඒ අනුව, එම යාත්‍රාවේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනා මෙලෙස මුදවා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව කටයුතු කල අතර, කඩිනමින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, මූලික අවශ්‍යතා ඇතුළු මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කරන ලදි.

    තවද, ශ්‍රි ලංකා නාවික නෞකා රණජය නෞකාව විසින් එම ආපදාවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවරයින් 06 දෙනා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි අන්තර්ජාතික මුහුදු සීමාව වෙත රැගෙන ගොස් වෙනත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් වෙත භාරදී, අතරමංව සිටි ඉන්දීය ධීවරයින් වෙත ආරක්ෂිතව නැවතත් ඉන්දියාව වෙත යාමට අවශ්‍ය කටයුතු සළසන ලදි.

    ජාත්‍යන්තර සම්මුතීන් වලට ඇති බැඳීම් වලට අනුව, ශ්‍රි ලංකාවට අයත් සාගරික සෙවිම් හා මුදවා ගැනීම් කළාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට ශ්‍රි ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya