මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජාතික ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දෙයි

    ජූලි 16, 2022

    පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම සදහා QR කේත යොදා ගැනෙන "ජාතික ඉන්ධන අවසර පත්‍රය " නම් ක්‍රමවේදයේ ලියාපදිංචිය අද (16) සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය .

    ඒ මහතා මේ බව පැවසුවේ,''ඉන්ධන බෙදාහැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීම'' යන මැයෙන් අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි .

    fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය එසේත් නැත්නම් තමන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය ඇතුළත් කර මෙහි ලියාපදිංචි වී තම වාහනයට අදාළ QR ඉන්ධන අවසර පත්‍රය ලබා ගත හැකි බව කී අමාත්‍යවරයා , එම QR කේතය තම දුරකථනයේ තබා ගැනීම හෝ මුද්‍රණය කර තබා ගෙන ඉන්ධන ලබා ගැනීමේ දී අවසරපතක් ලෙස භාවිතා කරන ලෙස ද කීය .

    එසේම අද (16) මෙම වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමට සෑම පුරවැසියෙක්ම කටයුතු කළොත් අර්බුදයක් ගොඩ නැගෙන බව කී අමාත්‍යවරයා , ඉදිරි දින 03 හෝ 04 ඇතුළතදී තමන්ට පහසු වෙලාවක ලියාපදිංචි වීම සිදු කරන මෙන් ද ඉල්ලා සිටියේය.

    එසේම එක් හැදුනුම්පත් අංකයකට, ගුවන් ගමන් බලපත්‍ර අංකයකට හෝ ව්‍යාපාරික අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහන අංකයක් පමණක් බව පැවසූ අමාත්‍යවරයා ,ඉන්ධන පිරවුම් හල්වල හිමිකරුවන් , ත්‍රිවිධ හමුදා නිලධාරීන් ,පොලිස් නිලධාරීන් ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හට මේ සදහා පුහුණුවක් ලබා දෙන බවද කීය .

     මෙය ආරම්භක මොහොතේ යම් යම් ගැටළු ඇති විය හැකි බව කී අමාත්‍යවරයා, ඉදිරියේදී එම ප්‍රශ්නවලට අවශ්‍ය විසදුම් ලබා දීමට බලාපොරොත්තු වන බවද කීය.

    ලියාපදිංචි වීමේදී කාණ්ඩ 06ක් යටතේ ලියාපදිංචි සිදු කරන බව කී අමාත්‍යවරයා, දැනට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වහන කාණ්ඩ වන කාර් රථ ,මෝටර් බයිසිකල් ,ත්‍රීරෝද රථ ,ලොරි රථ, වෑන් රථ සහ බස්රථ යන කාණ්ඩ යටතේ මෙම ලියාපදිංචිය සිදු කරන බවද පැවසීය .

    මේ ක්‍රමවේදය  මඟින් ඉදිරි සති පතා සහතික කරනු ලැබූ ඉන්ධන කෝටවක් වෙන්කර ගැනීමට සහ වාහන අංකයේ ඉලක්ම අනුව සතියට දින දෙකක් තම QR කේතය පෙන්වා ඉන්ධන ලබා ගැනීමට ජනතාවට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා කිවේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya