මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදා සෙබළුන්ට පහරදීම හා ගිනි අවි පැහැරගැනීම- ජනතාව මේ ගැන දැනුවත් වන්න- යුද හමුදා ප්‍රකාශක

    ජූලි 14, 2022

    2022.07.13 දින බත්තරමුල්ල , පාර්ලිමේන්තු වටරවුම සහ ඒ අවට ප්‍රදේශයන්හි ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු පිරිසක් පැවැත් වූ විරෝධතාවයක්පා ලනය කිරීමට යාමේදී එම පිරිස ආරක්ෂක හමුදාව සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දරා ඇති බවත් එය පාලනය කිරීමට ඉදිරියට ගිය හමුදා සෙබළුන් දෙදෙනෙකුට යකඩ මුගුරු සහ පොලු උපයෝගී කරගනිමින් ඉතා අමානුෂික අන්දමින් සිහිසුන් වනතුරු පහර දි ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.

    එම පිරිස විසින් එම හමුදා සෙබළුන් සතු ටී 56 ගිනි අවි දෙක සහ පතොරොම් පැහැරගෙන ඇති බවත් එම ස්වයංක්‍රීය ගිනි අවි භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට හැකි බැවින් මහජනතාවට ඒ පිළිබඳ සැළකිලිමත්ව සිටින්නයි ද ඉල්ලා සිටියේය.

    එම සෙබළුන්ගේ හිසට සහ මුහුණට දැඩි ප්‍රහාර එල්ල වී ඇති බැවින් මේ වන විට අසාධ්‍ය තත්වයේ පසුවන එම සෙබළුන් දෙදෙනා රෝහල් ගත කළ බවද බ්‍රිගේඩියර්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya