මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුලි මස 9 සිදුවීම- මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

    ජූලි 14, 2022

    මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වලකින ලෙසත් එසේ කළ හොත් ඒ සදහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අවධාරණය කරයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

     

    මාධ්‍ය නිවේදනයයි.

    2022 ජුලි මස 9 වන දින සිදු වූ සිදුවීම් සහ ඉන්පසුව ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එම ස්ථානවල තිබුණු පෞරාණික හා සංස්කෘතික වස්තූන්ට තවදුරටත් විනාශවීම සිදු වීම හෝ අස්ථාන ගත වීම වලක්වා ගත යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මාගේ විශේෂ අවධානයට යොමු වීය.

    මේ අනුව හැකි පළමු අවස්ථාවේදී ම අපගේ නිලධාරීන් එම ස්ථානයන් හී ඇති වටිනා වස්තූන් ආරක්ෂා කර ගැනීමට උපරිම පියවර ගෙන ඇත. අද දින (ජුලී 12) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය( උරුම අංශය) සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමග හානි සිදු වූ බව කියන ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ස්ථාන මා විසින් පෞද්ගලිකවම පරීක්ෂා කරනු ලැබීය.

    එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානි සිදුවීම වලක්වා ගැනීම සදහාත්,වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර් ග ගනු ලැබීය. අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරනු ඇත.

    මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වලකින ලෙසත් එසේ කළ හොත් ඒ සදහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මෙයින් අවධාරණය කරමි. තවද, ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම පොදු මහ ජනතාවගේ ද වගකීම සහ යුතුකම බවද සිහිපත් කරමි.

    මහාචාර්ය අනුර මනතුංග
    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
    2022.07.12

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya