මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය කඨින උත්සවයට සමගාමී වස් ආරාධනාව මිහින්තලාවේ දී

    ජූලි 14, 2022

    රාජ්‍ය කඨින මහෝස්වයට සමගාමීව ඒ සදහා වන වස් ආරාධනා කිරීම  මිහින්තලා රාජමහා විහාරස්ථානයේ දී යි. ඒ මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධමමරතන නායක මා හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් (13) පැවැත්විය.

    වස් ආරාධනා කිරිම සිදුකළේ , අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර මහතා යි. ඒ අනුව 14 දිනයේ සිට වස් වාසය ඇරඹේ. මෙවර මිහින්තලාවේ වස් වාසය සඳහා තායිවානයේ වැඩ වසන පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් ඇතුළු තායිවාන භික්ෂු භික්ෂුනීන් වහන්සේ පිරිසක් ද වැඩමකර සිටීම විශේෂත්වයකි.

    මේ අවස්ථාවේදී වස් ආරාධනා කරමින් අනුරාධපුර මහ දිසාපතිවරයා කියා සිටියේ වස් සමයේ භික්ෂූන් වහන්සේ උදෙසා සිව්පසයෙන් සංග්‍රහ කිරීමේ කාර්යය සිදුකරන බවයි. වස් වාසය සදහා මිහින්තලාවේ අටසැට ලෙන් ද සකස්කර ඇත්තේ ආරක්ෂක අංශවල දායත්වයෙන්. මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන විජය වනසිංහ , සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් , මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක , සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය කඨින පිංකම් කටයුතු සිදුකෙර්.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
    අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya