මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන්න- වැඩබලන ජනාධිපති

    ජූලි 13, 2022

    සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට දැනුම්දී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

     

     

    එම නිවේදනය මෙසේ ය;

    මාධ්‍ය නිවෙිදනය

    පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය දි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.

    එ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත දැනුම් දි තිබෙනවා.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
    2022/07/13

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya